පුනර්ජනනීය විදුලියට ලංවිමයෙන් කෝටි 2300 පොල්ලක්


 

පෞද්ගලික අංශයේ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් කෝටි 2300කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මාස අටක් තිස්සේ ගෙවීම් පාහැර හැර ඇතැයි ද එබැවින් මෙගාවොට් 1200 ක් බලාගාර වැසීයන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද වාර්තා වෙයි.

කුඩා ජල විදුලිබලාගාර, සූර්යතාප (සෝලා) බලාගාර සහ සුළං බලාගාරවලින් ජනනය කර ජාතික විදුලිය පද්ධතියට ලබාදෙන විදුලිය වෙනුවෙන් එලෙස ලංකා විදුලිබල මණ්ඩලය ගෙවීම් පැහැර හැරීම නිසා ඒවා වැසී යන තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව දේශීය පුනර්ජනනීය බලශක්ති  කේෂත්‍රයේ සේවක එකමුතුව සඳහන් කරයි.

මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ මෙම බලාගාර වලින් ලබාගත් විදුලිය විකිණීමෙන් ලංකා විදුලි බල මණ්ඩලය ඒ සඳහා මුදල් ද ය කරගෙන මාස ගණනාවක් ගත වී තිබිය දී ය.

ලංකා විදුලිබල මණ්ඩලය ණය ගෙවීම පැහැර හැරීම නිසා පෞද්ගලික පුනර්ජනනීය බලාගාරවල සේවක කරන සේවකයන් 7000කගේ පමණ රැකියා අනතුරේ වැටෙමින් තිබෙන බව ද ‘‘දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙ සේවක එකමුතුවේ” සභාපති රුවන් ප්‍රසංග මහතා පවසයි.

මෙම මුදල් ගෙවන ලෙස ඉල්ලා බලාගාර සේවකයන්ගේ විරෝධයක් ද ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරියේ පසුගිය දා පවත්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *