ලිට්‍රෝ ගෑස් ” අද නොවේ හෙට ” ; කඩාකප්පල්කාරී ක්‍රියාවක් ?

 

ශ්‍රී ලංකාවට අද හෙට ලැබෙන බව සතියක් තිස්සේ කියමින් සිටින ගෑස් නැව් දෙකෙන් එකක් වත් තවමත් පැමිණ නැති අතර අද එන බව කී නැව එන්නේ හෙට බව ලිට්‍රෝ සමාගම අද ප්‍රකාශ කළේය.

පසුගිය සඳුදා ලැබෙන බව කී නැව් දෙක සඳහා මුදල් ගෙවන ලද්දේ 23 දා , සඳුදා ය.

රටේ උග්‍ර ගෑස් හිගයක් තිබිය දී මෙලෙස නැව් ප්‍රමාද කිරීම හිතා මතා කරන කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව දේශපාලන අංශ කියයි.

ගෑස් හිගය නිසා මේ වනවිට රට පුරා ආපනශාලා විශාල ප්‍රමාණයක් වසා දමා ඇති අතර මහල් නිවාසවල දර භාවිත කොට ඉවුම් කරන්නට ගොස් ගිනිගැනීම් සිදු වූ අවස්ථා ද වාර්තා වී තිබේ. සුළු ව්‍යාපාර ලක්ෂ ගණනක් ද නැවතී තිබේ.

රටේ ගෑස් සිලින්ඩර් ලක්ෂ 40 ක හිගයක් වාර්තා වී තිබු අතර ඉන් පසු දැන් දින හයක් තිස්සේ ගෑස් බෙදීම සම්පුර්ණයෙන් නවතා දමා තිබේ.

ගෑස් බෙදීම යලි ආරම්භ කරන්නේ ලබන බදාදා බව ලිට්‍රෝ සමාගම කියයි. එය ආරම්භ කරන දින ලෙස පසුගිය බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ හෙට (සඳුදා) ප්‍රකශ කොට තිබුන ද එම කිසිදු දිනක ගෑස් බෙදීම ආරම්භ කළේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *