21 ට එරෙහි බැසිල්ගේ පොහොට්ටු රැස්වීමට මන්ත්‍රීවරුන් 21 යි

 

ජනාධිපති බලය අඩු කෙරෙන සහ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර තහනම් කිරීමේ ප්‍රතිපාදන ඇතුළත් යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම ගැන සාකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂ  මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ කැඳවා තිබු රැස්වීමට සහභාගී වුයේ එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පමණක් බව වාර්තා වෙයි.

යෝජිත පනත මගින් ජනාධිපති බලය අහිමි කිරීමත්, බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමත්, අරමුණු කොට ඇති නිසා කෙසේ හෝ එය පරාජය කළ යුතු බව දන්වමින් මෙම සාකච්ඡාවට මන්ත්‍රීවරුන් කැඳවා තිබිණි.

එහි දී පැමිණ සිටි පිරිසගේ අදහස වී තිබුණේ 21 සංශෝධනය පරාජය කිරීමට නම් ජනාධිපතිතුමා තම බලය යොදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බලයෙන් පහ කොට පොදුජන පෙරමුණෙන් නව අගමැතිවරයෙකු පත් කළ යුතු බව යි. ඒ සඳහා ජනාධිපතිවරයාට බලපෑම් කිරීමට එහි දී තීරණය වී තිබේ.

කෙසේ වෙතත්, 21 වැනි සංශෝධනයට එරෙහි විය යුතු බව කියන පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සුළුතරය වී ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම හෙට (30 දා ) කැඳවා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *