21 සංශෝධනයට විරුද්ධ වුණොත් ගමට යන්න බැරි වෙයි – ඕමල්පේ සෝභිත නාහිමි

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ඔවුන්ට ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.

එවැනි දේවල් කර කිසිවෙකුටත් ගමට යෑමට හැකිවෙතැයි තමා විශ්වාස නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමටනම් වංචනිකත්වයට මග පෑදුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් ඊට ඇති ප්‍රධාන විසඳුම විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනය බවත් සෝභිත නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

(සුජිත් හේවාජුලිගේ )

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *