21 ඉක්මනින් සම්මත කරන්න පක්ෂ නායකයෝ එකඟ වෙති


 

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට සර්ව පාක්ෂික නායකයින් පොදු එකඟතාවකට පැමිණි බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ  ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දී පැවැත්වුණු අතර එහිදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

මෙම රැස්වීමේ අරමුණ වූයේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ට සිය නිරීක්ෂණ හා යෝජනා  ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ නියෝජිතයන්  මෙම  රැස්වීමට සහභාගී  වූ අතර දෙමළ ජාතික සන්ධානයට මෙම  රැස්වීමට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන්ගේ  සහභාගීත්වයෙන් සමග ලබන සිකුරාදා (3) අවසන් රැස්වීමක් පවත්වා කෙටුම්පත අවසන් කිරීමට එම සාකච්ඡාවේදි   තීරණය විය.

මෙම සතිය ඇතුළත  කිසියම් පාර්ශ්වයකට වැඩිදුර පැහැදිලි කිරීම් ලබා ගැනීමට අවශ්‍ය නම් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී නිවේදනය කළේය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *