මාස දෙකකට පසු සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ඇරඹෙයි

 

 

හෙට දිනයේ මෙරටට බොරතෙල් ගොඩබෑම සිදුකිරීමත් සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු මාස දෙකකට පසු යළි ඇරඹීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩකටයුතු යළි ඇරඹෙන්නේ පසුගිය මාර්තු 20 වනදායින් පසුවය.

බොරතෙල් ලබා ගැනීමට මුදල් සොයාගත නොහැකි වීම නිසා මේ දක්වා පිරිපහදුව වසා දමා තිබුණ ද සේවක වැටුප් සහ නඩත්තුව සඳහා විශාල මුදලක් දරන්නට සිදුවීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ අවශ්‍ය මුදල් සපයාගෙන තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කළ හැකි වී තිබේ.

ඛනිජ තෙල් නැව් ගණනාවකට මුදල් ගෙවා ගොඩබෑමෙන් පසුව වෙළෙඳපොළේ ඉන්ධන හිගය ද බොහෝ දුරට අවසන් වී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *