21 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ යෝජනා සැලකිල්ලට ගන්නවා – අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ

 

 

යෝජිත 21 වැනි ව්‍යවස්තා  සංශෝධනයේ අඩුපාඩු පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කොට ඇති යෝජනා සැලකිල්ලට ගන්නා බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල අදහස් ලබාගන්නා අතර එම අදහස් ද සැලකිල්ලට ගෙන අවශ්‍ය සංශෝධන ඇතුළත් කළ හැකි බව ඒ මහතා කියයි.

කෙසේ වෙතත්, නීතිඥ සංගමයේ ඇතැම් යෝජනාවල අඩංගු කරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් වීම අවශ්‍ය නැති බවත්, ඒවා වෙනත් විධිවිධාන මගින් ආවරණය කළ හැකි බවත්, තම අදහස බව ද ඒ මහතා කී ය,

රුපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *