එපා වුණත් හෙට ඕනෑ වේවි – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත 

එච් ආර් ජෝතිපාල මහතා ගායනා කරන එපා වුණත් හෙට ඕනෑ වේවි යන ගී කොටස වර්තමාන ආණ්ඩුවේ තේමා පාඨය ලෙස තෝරා ගත යුතුය කියා කිසිවකු යෝජනා කළ හොත් පුදුමයට හේතුවක් නැත.

වසර දෙක තුනකට එපිට වත්මන් පාලකයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නයාට අඳුකොළ තරමට විෂ සහිත විය. වසර කිහිපයකට පෙර වර්තමාන පාලනයේ නියෝජිතයන් බලය ඉල්ලුවේ මූල්‍ය අරමුදලේ ෆ්ලග් ගලවන්නටය. ඒ සියල්ල අමතකව දැන් ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නට තීරණය කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්නට පමණක් නොව එම අරමුදලේ උපදෙස් පිළිගන්නවා යැයි යහ පාලනයට දොස් කියූ කටින්ම මූල්‍ය අරමුදලේ ගුණ ගයන්නටද එහි උපදෙස් පිළිපදින්නට ද පටන්ගෙන ඇත.

කලෙක ඔවුනට ලෝකයේ සිටි නරකම අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා ය. අමෙරිකාවට රට විකුණන්නේ ය බටහිර කුමන්ත්‍රණ වල රට පටලවන්නේය දේශීය සම්පත් විකුණන්නේය ආදි වශයෙන් චෝදනා රැසක් එල්ල කර පරාජයට පත් කළ වික්‍රමසිංහ මහතාගේ සුද පොහොට්ටුවට පෙනෙන්නට පටන්ගෙන ඇත. දැන් ඔවුනට වික්‍රමසිංහ මහතා තරම් හොඳ අගමැතිවරයෙක් වෙනත් නැත. අසීරු මොහොතේ ආර්ථික ගලවා ගත හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතාට ය. ඒ තර්කයට අනුව, රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ ආර්ථික පිළිවෙත දිගටම පැවතියේ නම් රට මේ ආර්ථික අවපාතයට ලක් වන්නේ නැත. හොඳට කළ වික්‍රමසිංහ මහතා පලවා හැර හොඳටම කරන්නට ගෝඨාභය මහතා කැඳවාගැනීමේ වරද ද ඒ අනුව පොහොට්ටුව කර තිබේ.

වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටියදී දැඩිව විවේචනය කළ 19 සංශෝධනය එකල සිටි අධිකරණ ඇමැතිවරයා මගින්ම නැවත ක්‍රියාත්මක කරන්නට දරන තැත නිසාද එපා වුණත් හෙට ඕනෑ වේවි යන්න වත්මන් ආණ්ඩුවේ තේමා පාඨය බව කියන්නට සිදුවේ.

එපා කියා යළි මේ ආණ්ඩුවට ඕනෑ වූ යහ පාලන ආණ්ඩුවේ අනෙක් ප්‍රතිපත්තිය වන්නේ ඉන්ධන මිල සූත්‍රය ය.බලය ලබා ගැනීම සඳහා වත්මන් පාලකයන් ඉන්ධන මිල සූත්‍රය විවේචනය කළ ආකාරය අනුව ඔවුන්ට එයම නැවත ක්‍රියාත්මක කරන්නට සිදුවීම ලැජ්ජාවට කරුණකි. මෙයින් පෙනෙන වැදගත්ම කාරණය වන්නේ රටට හිතකර යහ පාලන පිළිවෙත් පවා වත්මන් පාලකයන් බලය ලබා ගැනීම සඳහා අහිතකර පිළිවෙත් වශයෙන් හුවා දක්වා ඇති බවය.

මිල සූත්‍රය අහෝසි කිරීම හේතුවෙන් පසුගිය කාලයේ ලෝක වෙළඳ පොළෙහි ඛනිජ තෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට නොලැබී ගියේය. එපමණක් නොව මිල සූත්‍රය අහෝසි කිරීම නිසා ඛනිජ තෙල් සංස්ථාවට සිදුවූ  පාඩුවද ඉහළ ගියේය. ආණ්ඩුවේ වැරදි තීරණය නිසා ජනතාවටත් රාජ්‍ය ආයතනයකටත් සිදුව ඇති අලාභයට ආණ්ඩුව වගකියන්නේ නැත. වැරදි තීරණය ගත් තැනැත්තන් සහ එවාට අනුබල දුන් තැනැත්තන් හෝ  ආණ්ඩුව වැරැද්ද පිළිගන්නේ ද නැත. සරල ලෙස ඒ වරද මගහැර යන්නට ඔවුන්ට ඉඩ ලැබෙන්නේ නම් රටේ නීතියෙන්ද පලක් නැත.

මෙරට ඛනිජ තෙල් පිළිබඳ ප්‍රශ්නය දැන් පවතින්නේ මිල සූත්‍රය මගින් පමණක් විසඳා ගත හැකි මට්ටමක ද නොවේ. මිල සූත්‍රය අහෝසි කිරීම ට අමතර හේතු රැසක් පවතින ඉන්ධන අර්බුදය කෙරෙහි බලපා ඇති බැවිනි.

දැනට කියැවෙන තොරතුරු සත්‍ය නම්, මේ වන විට මෙරට ගුවන් යානා ඉන්ධන හිගයක් ද පවතී. ඒ නිසා මෙරටින් ඉන්ධන සපයා ගන්නට නොහැකිව ගුවන් යානා චෙන්නායි ගුවන් තොටට යන බවද කියැවේ.

ගුවන් යානා ඉන්ධන නොමැතිකමට එක  හේතුවක් භූමිතෙල් වෙනුවට ගුවන් යානා ඉන්ධන භාවිත කිරීමය. අනෙක් හේතුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව ක්‍රියාත්මක නොවීමය. තෙල් පිරිපහදුව අකර්මණ්‍ය වීමට හේතුව තෙල් සංස්ථාවේ සභාපතිවරයා කොමිස් මුදල් බලාපොරොත්තුවෙන් නයිජීරියාවෙන් බොර තෙල් ගෙන්වීම බව කියැවේ. නයිජීරියාවෙන්  ගෙන්වූ බොර තෙල් සපුගස්කන්ද තෙල් පිරිපහදුවට නොගැලපෙන බවත් ඒ හේතුවෙන් පිරිපහදුව පිළිසකර කරන්නට සිදුව ඇති බවත් කියනු ලැබේ. පිරිපහදුව පිළිසකර කරන්නට වැය වන්නේ ජනතා මුදල්ය. තොරතුරු සත්‍ය නම් තෙල් සංස්ථාවේ සභාපති වැරදි කිහිපයක් එකවර කර තිබේ. ගුවන්යානා ඉන්ධන නොමැති නිසා යානා වෙනත් රටකට යැවීමෙන් මෙරටට උපයාගත හැකිව තිබූ මුදලක් අහිමි වේ.වඩා අඩු මිලකට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට තිබූ අවස්ථාවක් ද මෙරට බලධාරින් මගහැර ඇතැයි කියැවේ. රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට බලධාරීන් උනන්දු නොවන්නේ මැදපෙරදිග තැරැව්කාරයන් ගේ බලපෑම නිසා බවද සඳහන්ය. ඉහත වැරදි සම්බන්ධව සභාපතිවරයාට හෝ අනෙකුත් වගකිවයුත්තන්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නට ආණ්ඩුව සූදානම් බවක් පෙනෙන්නට නැත. සියලු වැරදිවලට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ ජනතාවටය.

ඉන්දියාවෙන් ආනයනය කර දැනට බෙදාහරින ඉන්ධන කාර්යක්ෂමතාවෙන් අඩු බවටද පාරිභෝගිකයෝ චෝදනා කරති. එනම්, දැනට සපයන ඉන්ධන ලීටරයකින් පෙර සැපයූ ඉන්ධන ලීටරයකින් ගමන් කළ දුර ගමන් කළ නොහැකි බවයි. එම තත්වය තුළ දැන් කිලෝමීටරයකට වෙනදාට වඩා වැඩි පිරිවැයක් දරන්නට සිදුව තිබේ. අඩු කාර්යක්ෂමතාවෙන් යුතු ඉන්ධන භාවිතය රටේ ආර්ථිකයට හානිකරය. ඩොලර් හිගයක් පවතින අවස්ථාවක මේ හානිය තවත් බරපතළ වේ. ආණ්ඩුව ඒ දේ ගැන දන්නා බවක් හෝ කල්පනා කරන බවක් පෙනෙන්නට නොතිබීම ජනතාවගේ අවාසනාවය.

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු ද කඩිනමින් ඉහළ නංවන බව කැබිනට් තීරණ දැණුම් දෙන සාකච්ඡාවේදී කියැවිණ. ඒ අනුව දැනටමත් ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් තිබෙන බස් ගාස්තුව යළිත් වැඩි වන්නට නියමිතය. බස් ගාස්තුව පමණක් නොව අනෙකුත් ප්‍රවාහන ගාස්තු ද ඉහළ යන්නේය. භාණ්ඩ මිල ද ඊට සාපේක්ෂව ඉහළ යනු ඇත. කාර්යාලය සේවකයන් වැනි අයට මේ තත්ත්වය දරාගත නොහැකි වන බවට සැකයක් නැත. මෙය ජනතාව කබලෙන් ලිපට දමන තීරණයකි.

භූමි තෙල්  භාවිත කරන ජනතාවට සහන දෙන බව කියන නමුත් ඒ පොරොන්දු ඉටු වන තුරු සැකයක් තිබේ.

ඉන්ධන අර්බුදයෙන් දුප්පත් ජනතාවට සිදුවන හානිය අවම කිරීම සඳහා ඉන්ධන කාර්යක්ෂමතාව අඩු සුඛොපභෝගී වාහන සඳහා වැඩි මිලකටත් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහන සඳහා අඩු මිලකටත් ඉන්ධන සපයන ප්‍රතිපත්තියක් හඳුන්වා දිය හැකි බව පසුගිය කාලයේ විද්වතුන් යෝජනා කළ නමුත් රසායනික පොහොර ප්‍රශ්නයේදී මෙන්ම ආණ්ඩුව, ඉන්ධන ප්‍රශ්නයේදී ද විද්‍යාත්මක විසඳුම් වලට අන්ධය.බන්ධුල ගුණවර්ධන ඇමැතිවරයා අසන්නේ මිල ඉහළ දමනවා හැර කරන්නේ කුමක්ද කියාය. කොමිස් ගැහිලි නතර කිරීම අකාර්යක්ෂමතාව නතර කිරීම දුප්පතුන් ආරක්ෂා කරන ප්‍රතිපත්ති සැකසීම වැනි උපක්‍රම නොදන්නා පාලකයනට කළ හැකි එකම දෙය මිල ඉහළ දැමීමය. එවැනි පාලක පිරිසක් පත්කර ගත් ජනතාවට සිදුවන්නේ කුම්බලා මාංශ කෑ බළලාට සිදුවූ විපතට මුහුණ දීමටය.

බන්ධුල ගුණවර්ධන ඇමැතිවරයා අසන්නේ මිල ඉහළ දමනවා හැර කරන්නේ කුමක්ද කියාය. කොමිස් ගැහිලි නතර කිරීම අකාර්යක්ෂමතාව නතර කිරීම දුප්පතුන් ආරක්ෂා කරන ප්‍රතිපත්ති සැකසීම වැනි උපක්‍රම නොදන්නා පාලකයනට කළ හැකි එකම දෙය මිල ඉහළ දැමීමය. එවැනි පාලක පිරිසක් පත්කර ගත් ජනතාවට සිදුවන්නේ කුම්බලා මාංශ කෑ බළලාට සිදුවූ විපතට මුහුණ දීමටය.

 චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *