‘21ට අකමැති නම් ද්විත්ව පුරවැසියන්ට කැමති ඇති‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන


 

21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කවුරුන් හෝ  අකමැති නම් එයින් පැහැදිලි වෙන්නේ ඔහුට හෝ ඇයට ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවේ තියාගන්න අවශ්‍යයි යන  කාරණය බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

කවුරුන් හෝ 21 සංශෝධනයට විරුද්ධ වන්නේ නම් ඒ ද්විත්ව පුරවැසියන්ගේ අවශ්‍යතාවය මතයැයි  පැහැදිලි බවද විජයවර්ධන මහතා කීය.

ද්විත්ව පුරවැසියන් සමඟ ඩීල් තියෙන්නේ කාටදැයි කියා එහිදී  ජනතාවට බලාගන්නට හැකි බවද රුවන් විජයවර්ධන මහතා  සඳහන් කළේය.

21 වෙනි සංශෝධනයට සංශෝධන ඉදිරිපත් කරන්නට දේශපාලන පක්ෂ වලට අවස්ථාව තිබෙන බව කී විජයවර්ධන මහතා එසේ නොකර” අරයා කියපු එක නෑ ,මෙයා කියපු එක නෑ කියා  අවස්ථාවෙන් පැන යන්න එපා යැයි ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

(අංජුල මහික වීරරත්න)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *