සංහිදියා යාන්ත්‍රණයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ යෝජනා

සංහිඳියා යාන්ත‍්‍රණ උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බලකාය වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන යෝජනා –
සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් ඇති කිරීමට බලාපොරොත්තු වන යාන්ත‍්‍රණ
1. විශේෂ නීති උපදේශකයකු සහිත අධිකරණ යාන්ත‍්‍රණයක්
2. සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ අතීත වැරැුදි නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වූ කොමිසමක්
3. සහන සම්පාදන කාර්යාලයක්
4. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක්

ඉහත යාන්ත‍්‍රණ වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉදිරිපත් කරන යෝජනා
* සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ අතීත වැරැුදි නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වූ කොමිසම
1. සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ අතීත වැරැුදි නැවත ඇතිවීම වැළැක්වීම සඳහා වූ කොමිසම යටතේ, ඝාතනය වූ, අතුරුදහන් වූ, වදහිංසාවලට ලක්වූ මාධ්‍යවේදීන් සහ විනාශ කළ මාධ්‍ය වෙනුවෙන් කටයුතු කිරීමට පූර්ණ බලතන සහිත විශේෂ විමර්ශන ඒකකයක් පිහිටු විය යුතුයි. එම එ්කකය සත්‍ය සෙවීමට, සාක්ෂි එකතු කිරීමට, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට, නඩු පැවරීමට හා ඒ හරහා යුක්තිය ඉටු කිරීමට හැකි බලතල සහිත එකක් විය යුතුය. ඒ කි‍්‍රයාදාමය හරහා නැවත එවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීමට, දණ්ඩමුක්තිය අහෝසි කිරීමට හැකිවනු ඇත.
මාධ්‍යවේදීන් විශේෂ කණ්ඩායමක් ලෙස සලකා විශේෂ විමර්ශනයක් සිදු විය යුත්තේ ඇයි?
යුද්ධය සහ ගැටුම්, දේශපාලන ගැටුම් ඇති වූ ඉතිහාසය තුළ ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් ඝාතනයට, අතුරුදහන් කිරීමට/අතුරුදහන් වීමට, වදහිංසාවලට ලක් වී ඇත. ඒ අතර මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින්, මාධ්‍ය ආයතන විනාශයට ලක් වූයේ, වදහිංසාවලට ලක් වූයේ ඔවුන් යුද්ධයට ගිය නිසා හෝ, යුද්ධයට උදව් කළ නිසා හෝ, කැරළි කෝලාහලවල කොටස්කරුවන් වූ නිසා හෝ, දේශපාලන කුමන්ත‍්‍රණ කළ නිසා හෝ නොවේ. අවම වශයෙන් යුද්ධය වාර්තා කිරීමට ගිය නිසා හෝ නොවේ. ඔවුන් ඝාතනය කළේ, ඔවුන්ට වදහිංසා කළේ අදහස් ප‍්‍රකාශ කිරීම වැළැක්වීමටය. රටේ සිදුවන දේ ලෝකයට සන්නිවේදනය කිරීම වැළැක්වීමටය. මාධ්‍ය මර්දනය කිරීමටය. ඔවුන් විපතට පත්වූයේ සාමාන්‍ය ජනතාව විපතට පත් වූ හේතු නිසා නොවේ. එහෙයින්, මාධ්‍යවේදීන්ට අදාල පරීක්‍ෂණ විශේෂ කොටසක් ලෙස සලකා මෙහෙයවීම අවශ්‍ය වේ.
එසේ විශේෂ කොට සැලකීමට උදාහරණ කිහිපයක්
(1981 සිට 2010 දක්වා කාලය තුළ ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදීන් මාධ්‍ය සේවකයින්, මාධ්‍ය හිමිකරුවන් හා සංස්කෘතික කි‍්‍රයාකාරීන් 111ක් ඝාතනය වී ඇත. මාධ්‍යවේදීන් 3ක් සහ මාධ්‍යසේවකයකු අතුරුදහන් කර ඇත. (එකතුව 115කි* ඝාතනය වූ අය අතරින් කිහිප දෙනෙකු යුදමය තත්ත්වය යටතේ සිදු වූ බෝම්බ පිපිරීම්, ගුවන් යානා විනාශ වීම් නිසා ඝාතනය වී ඇත. 88/89 භීෂණ සමයේ සංස්කෘතික කි‍්‍රයාකාරීන් 25 දෙනෙකු පමණ ඝාතනය කර ඇත. එක් අයෙකු යුදමය තත්ත්වය තුළ බෝම්බයට ගොදුරු වී ඇත. යාපනයේ කි‍්‍රයාකාරිකයකු පසු කාලීනව ඝාතනය කර  ඇත. අනෙකුත් සියලූ දෙනා වද දී/වෙඩි තබා/කපා කොටා ඝාතනය කර ඇත. ඝාතනය කළ බහුතරය දෙමළ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් වේ. ඒවා පැහැදිලිව ම උතුරු නැගෙනහිර ජනතාව යුද්ධය නිසා වින්ඳිතයන් වී ඇති ආකාරය මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම වැළැක්වීමට කළ ඝාතන වේ.
යාපනයේ උදයන් පුවත්පත අවස්ථා ගණනාවක දී සන්නද්ධ ප‍්‍රහාර එල්ල කොට විනාශ කරන ලදී. සිරස මැදිරි සංකීර්ණය හා ලංකා ඊ නිවුස් කාර්යාලය ගිනි තබා විනාහ කරන ලදී. වෙබ් අඩවි ගණනාවක් පසුගිය රජය යටතේ අවහිර කර තිබුණි.
මාධ්‍යවේදී තිස්සනායගම්ට ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි වසරක සිර දඬුවම් නියම කරන ලදී. (ජාත්‍යන්තරව පසුගිය රජය කෙරෙහි ඇති වූ අපකීර්තිය ආදී බලපෑම් නිසා පසුව ජනාධිපති සමාව ලැබුණි* පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල්, ලාල් හේමන්ත, උපාලි, අනුරසිරි, රංජනී වැනි අය වදහිංසා හා ප‍්‍රහාරවලට ලක් වූහ. රධිකා වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළත් ඇය සුව කර ගැනීමට හැකි විය.*
මාධ්‍යයට අදාල මෙම කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කොට, නඩු පවරා යුක්තිය ඉටු කිරීමට මේ වන තෙක් කටයුතු කර නැත.
2. මෙම යාන්ත‍්‍රණය යටතේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කළ යුතුය. මාධ්‍ය මර්දනය ඉලක්ක කර ගෙන කළ මාධ්‍යවේදීන් ඝාතන, මාධ්‍ය ආයතන විනාශ කිරීම, අතුරුදහන් කිරීම, සිරගත කිරීම, මාධ්‍ය ආයතන වාරණය සාධාරණීකරණය කළේ ත‍්‍රස්තවාදය දඩමීමා කර ගෙනය. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආයුධය කර ගෙනය. එහෙයින් යුක්තිය ඉටු කිරීමේ හෝ අතුරුදහන් වීම/අතුරුදහන් කිරීමට අදාල යාන්ත‍්‍රණය යටතේ හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු කළ යුතුය.
3. මෙම යාන්ත‍්‍රණය පුද්ගලයන්ට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී සාක්‍ෂි දීමට හැකි ඔවුන්ගේ ආරක්‍ෂාව සහතික කෙරෙන ස්වාධීන හා බලය සහිත එකක් විය යුතුය.
4. කොමිසම සඳහා ඇති කරන පනතකින් ස්ව කැමැත්තෙන් සත්‍ය පැවසීමට ඉදිරිපත් වන ආරක්‍ෂක හමුදා, පොලීසිය හෝ රජයේ සේවක/සේවිකාවන්ගේ හෝ අනෙක් අයගේ රැුකියා සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කළ යුතුය. අද වන විට සම්මත වී  ඇති තොරතුරු දැනගැනීමේ පනත තුළට ද ස්ව කැමැත්තෙන් තොරතුරු දෙන සේවකයන්ගේ රැුකියා සුරක්‍ෂිතභාවයට ආරක්‍ෂාවක් සහතික කළ යුතුව තිබූ නමුත් එය කර ගැනීමට නොහැකි වී ඇත.
සහන සම්පාදන කාර්යාලය
1. සහන සැලසීම සඳහා තොරතුරු රැුස් කිරීමේ දී ඉතාමත් අසරණ තත්ත්වයෙන් සිටින වින්දිත පවුල්වල අය සහන කාර්යාල සොයා පැමිණේයැයි විශ්වාස කළ නොහැක. ඝාතනය කළ, අතුරුදහන් කළ උතුරු නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ පවුල් ඉතා අසරණ තත්ත්වයේ පසු වන බවට තොරතුරු ඇත. එහෙයින් ඔවුන් තමන් ළඟට පැමිණෙන තුරු නොසිට ඔවුන් ළඟට යෑමට හැකි ලෙස මූලික සමීක්‍ෂණ ගොනු කර ගැනීමට කණ්ඩායමක් මේ ආයතනය තුළ සිටිය යුතුය. මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් දැනට වාර්තාගත තොරතුරු පදනම් කරගෙන එම සමීක්‍ෂණය :ඍැිැ්රජය* කළ හැකිය.
හානි පූරණය හෝ සහන සැලසීම නැතිනම් වන්දි ගෙවීම ආකාර කිහිපයකට කළ හැකිය.
* පවුල්වලට සාධාරණ වන්දි මුදලක්
* රැුකියා කළ හැකි වයසේ දරුවන්ට හෝ බිරිඳට සුදුසු රැුකියා ලබා දීම
* වෙළෙඳපලක් ඇත්නම් ස්වයං රැුකියා ආධාර ලබා දීම. (වෙළෙඳපලක් ඇතත් නැතත් ලබා දෙන සම්ප‍්‍රදායික එළුවන්, කුකුළන්, හරකුන් ලබා දීම ඵලක් නැත. ප‍්‍රදේශයේ හැටියට වෙළෙඳපලක් ඇති ස්වයං රැුකියා  ආධාර ලබා දීම ගැන සැලකිය යුතුය.
* මහළු දෙමාපියන්ට මාසික දීමනාවක්
* නිවාස, දේපල අහිමි වූ අයට ඒ වෙනුවෙන් සහන

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක්
1. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය යන නම වෙනස් කළ යුතුය. එය ‘‘අතුරුදහන් කළ’’ සහ ‘‘අතුරුදහන් වූවන්’’ පිළිබඳ කාර්යාලය වශයෙන් නම් කළ යුතුය.
අතුරුදහන් ලැයිස්තුවේ සිටින මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින් අතුරුදහන් වූවා නොව අතුරුදහන් කළ ගොඩට එක් වන අය වෙති. යුද්ධය හෝ ගැටුම් නිසා හෝ වෙනත් දේශපාලනික හේතු නිසා හෝ අතුරුදහන් ලැයිස්තුවලට එක් වී සිටින අනෙකුත් පුරවැසියන්ගෙන් බහුතරයක් ද අතුරුදහන් කළ ලැයිස්තුවට එක් වෙති. ඒ බොහෝ දෙනා පැහැර ගෙන ගොස් අතුරුදහන් කළ අය වෙති. කිසිදු සාක්‍ෂියක් නැතිව අතුරුදහන් වී සිටින අය අතුරුදහන් කළා හෝ අතුරුදහන් වූවා විය හැකිය. ජීවිත ආරක්‍ෂාව හෝ වෙනත් හේතු මත අතුරුදහන් වී සිටින අය ද සිටිය හැකිය. නමුත් අතුරුදහන් වීමට වඩා පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීම අතිශයින් භයානකය.
2. පැහැර ගැනීම් ගැන කි‍්‍රයා කිරීමට මෙම කාර්යාලය යටතේ බලතල සහිත ඒකකයක් පිහිටු වීම ඉතා වැදගත්ය.
මෙම සංහිඳියා යාන්ත‍්‍රණ හතර කි‍්‍රයාත්මක වන වසර ගණනාව තුළ වුවත් පැහැර ගැනීම් සිදු විය හැකිය. සත්‍ය පැවසීම, සාක්‍ෂි දීම හේතු කොට ගෙන පුද්ගලයන් පැහැර ගැනීමට ලක් විය හැකිය. ශී‍්‍ර ලංකාව තුළ දසක තුනක පමණ කාලයක් පුරා මිනිස් ඝාතනයට පැහැර ගැනීමට, පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමට, වද හිංසා කිරීමට හුරු වූ හමුදාකරණය වූ සමාජයක් පැවතුණි. එහි ගති ලක්‍ෂණ වසර කිහිපයකින් තුරන් වේයැයි විශ්වාස කළ නොහැකිය. පැහැර ගෙන ගොස් ඝාතනය කළේ පාතාල සාමාජිකයින්නම් එසේ කළාට කමක් නැතැයි සිතා නිහඬ වන සමාජයක අපි ජීවත් වී සිටියෙමු. එහෙයින් කෙනෙකු පැහැර ගෙන ගොස් ත‍්‍රස්තවාදී, යුදවාදී, ජාතිවාදී, ආගම්වාදී ලේබලයක් ඇල වූ පසු එම මතවාදවලට යට කර ඇති සමාජය නිහඬ වනු ඇත. එහෙයින් පැහැර ගැනීම සමාජය තුළ තව දුරටත් කි‍්‍රයාත්මක වේයැයි සිතා පැහැර ගැනීමක් වූ විගස කි‍්‍රයාත්මක විය හැකි බලතල සහිත ඒකකයක් මෙම යාන්ත‍්‍රණය යටතේ පිහිටු වීම වැදගත්ය.
උදා: පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයක් තිබිය දී ළමා ආරක්‍ෂක අධිකාරියක් පිහිටුවා ඇත. එයට පොලීසිය සමඟ ගොස් චූදිතයන් අත්අඩංගුවට ගැනීමට හා නඩු පැවැරීමට බලය ඇත. එවැනි බලතල සහිත ඒකකයක් පිහිටු විය යුතුය.

විශේෂ නීති උපදේශකයකු සහිත අධිකරණ යාන්ත‍්‍රණයක්
මෙම යාන්ත‍්‍රණය විශේෂයෙන් ස්තී‍්‍ර පුරුෂ සමානත්වය හා භාෂා සමානත්වය සහිතව කි‍්‍රයාත්මක විය යුතුය. සංක‍්‍රාන්තික යුක්තිය වෙනුවෙන් රජය කි‍්‍රයා කරගෙන යන මෙම කාලය තුළ පවා අධිකරණ කි‍්‍රයාවලිය තුළ භාෂාව නිසා වෙනස්කම් සිදු වීම වැළැක්වීමට නිසි පියවර ගෙන නැත. දෙමළ භාෂාව කතා කරන ජනතාවට නඩු කටයුතු පිළිබඳ තම භාෂාවෙන් පූර්ණ පරිවර්තනයක් පවා සිදු නොවන බවට පැමිණිලි ඇත. සිංහල භාෂාවෙන් ද එම වෙනස්කම සිදු වේ. දෙමළ භාෂාව කතා කරන අයට දෙමළ භාෂාවෙන් ද, සිංහල කතා කරන අයට සිංහල භාෂාවෙන් ද තමන්ගේ නඩු කටයුතු පිළිබඳ සන්නිවේදනය නොවන්නේනම් සංක‍්‍රාන්තික යුක්තිය තබා කිසිදු යුක්තියක් ඉටු වන්නේ නැත.
යාන්ත‍්‍රණ සියල්ලට අදාල පොදු යෝජනා
1. අතීත අත්දැකීම් අනුව රජයන් මඟින් පත් කරන කොමිසන් හා යාන්ත‍්‍රණ ගැන ජනතාව තුළ විශ්වාසයක් නැත. එහෙයින් මෙම යාන්ත‍්‍රණවල කටයුතු විනිවිදභාවයෙන් යුතුව සිදු විය යුතුය. ජනතාවට ඒවායින් සේවය ලබා ගැනීමට උනන්දුවක් ඇති වන ආකාරයෙන් විනිවදභාවය පවත්වා ගෙන යා යුතුය.
2. යාන්ත‍්‍රණවල කොමිසන්, ඒකක සහ කාර්යමණ්ඩල සංයුතිය ස්තී‍්‍ර පුරුෂ සමානත්වය හා භාෂා (විශේෂයෙන් දේශීය භාෂා* සමානත්වයෙන් යුතුව තිබිය යුතුය.
3. මෙම යාන්ත‍්‍රණ සියල්ල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට සහාය ලබා ගැනීම සඳහා මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ ශක්තිමත් කි‍්‍රයාවලියක් දියත් විය යුතුය. සංහිඳියාව ඇති කිරීමේ දී මාධ්‍යවේදීන් සතුව විශාල සමාජ වගකීමක් පවතී. ඒ බව යළි යළිත් සිහි ගන්වමින්, මාධ්‍යවේදීන් හරහා ජනතාව දැනුවත් කිරීමට මෙම යාන්ත‍්‍රණවල විෂය ක්‍ෂේත‍්‍රයන් සහ ඒවායින් සේවය ලබා ගත හැකි ආකාරය සම්බන්ධයෙන් විධිමත් දැනුවත් කිරීමක් කළ යුතුය. මෙය ඉතා කුඩා කණ්ඩායමක් පුහුණු කිරීමෙන් කළ නොහැකිය. මාධ්‍ය ආයතනවල තීරණ ගන්නා මට්ටමේ කණ්ඩායම් වෙනමත්, කි‍්‍රයාකාරී මාධ්‍යවේදීන් වෙනමත් දැනුවත් කළ යුතුය. සියලූ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන් ද දැනුවත් කළ යුතුය. එමඟින් යාන්ත‍්‍රණවල කි‍්‍රයාකාරකම්වල අඩුපාඩු සිදුවන්නේනම් ඒවා පවා හෙළිදරව් කොට ඒවා නිසි මඟට යොමු කළ හැකිය.
4. මෙම ආයතන හරහා ලිංගික ප‍්‍රසාද/අල්ලස් ඉල්ලා සිටීම අපරාධයක්/අල්ලසක් බවට පත් කරන සංශෝධනයක් අල්ලස් පනතට එක් කළ යුතුය.
යුද්ධය නිසා වින්දිතයන් බවට පත් වූ පවුල්වලට ලබා ගැනීමට ඇති සහන හා සේවා ලබා ගැනීමට යෑමේදී කාන්තාවන්ගෙන් ලිංගික ප‍්‍රසාද/අල්ලස් ලබා ගැනීමට තැත් කිරීම ඉතා බරපතල අපරාධයකි. යුක්තිය ඉටු කර ගැනීමට යෑමේ දී පවා ඔවුන්ට ලිංගික අල්ලස් ඉල්ලා සිටීමේ කුරිරු මානසික වදය විඳීමට සිදු වේ. විශේෂයෙන් යුද්ධය නිසා සැමියන් අහිමි වූ/ආබාධිත වූ/අත්හැර දමා ගිය පවුල්වල ගෘහ මූලික කාන්තාවන්ට එවැනි සේවා ලබා ගැනීමට යෑමේදී සෘජුව හෝ වක‍්‍රව ලිංගික ප‍්‍රසාද/ අල්ලස් ඉල්ලීමේ නින්දිත අත්දැකීමට මුහුණ දෙන්නට සිදු වන බවට වාර්තා අවශ්‍ය තරම් ඇත. ආරක්‍ෂක හමුදා, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාවල පවුල්වලට අයත් යුද වැන්දඹුවන් ලෙස සැලකෙන කාන්තාවන් ද අදාල වන්දි හා සේවා ලබා ගැනීමේ කි‍්‍රයාවලිය තුළ එවැනි අත්දැකීම්වලට මුහුණ දෙන බව වාර්තා වේ. එපමණක් නොව සාමාන්‍ය සමාජය තුළ රාජකාරිමය කටයුතු කර ගැනීමට යෑමේදී ද කාන්තාවන්ගෙන් ලිංගික ප‍්‍රසාද ලබා ගැනීමට කළ උත්සාහයන් ජනමාධ්‍ය මඟින් ද වාර්තා වී ඇත. රැුකියා කරන කාන්තාවන්ට තම ආයතන තුළ පැවැත්ම තහවුරු කර ගැනීමට, ලැබිය යුතු උසස් වීම් ලබා ගැනීමට ලිංගික ප‍්‍රසාද/අල්ලස් ඉල්ලා සිටීමේ නරක අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වි ඇත. මාධ්‍යවේදිනියන්ට ද තමාගේ හැකියාව වර්ධනය කරගත හැකි පැවරුම් ලබා ගැනීම, පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සෘජු හා වක‍්‍ර ලිංගික අල්ලස් ඉල්ලා සිටීමේ නින්දිත අත්දැකීමට මුහුණ දෙන්නට සිදු වූ බටට වාර්තා ඇත. එහෙයින් ලිංගික ප‍්‍රසාද/අල්ලස් ලබා ගැනීම හා තැත් කිරීම අල්ලස් පනත යටතේ අපරාධයක්/අල්ලසක් බවට සංශෝධයක් ගෙන ඒම සංහිඳියා කි‍්‍රයාදාමයක් තුළ ඉතා වැදගත් කටයුත්තක් වනු ඇත.
සීතා රංජනී
කැඳවුම්කරු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ගැන කෙටියෙන්
පුලූල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා මානව හිමිකම් දැක්මකින් යුතුව අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමට ඇති අයිතිය වෙනුවෙන් 1992 ආරම්භ කොට අඛණ්ඩව එම අරමුණු වෙනුවෙන් කි‍්‍රයාත්මක වන සංවිධානයකි. මාධ්‍ය නිදහසට බලපාන නීති වෙනස් කරවා ගැනීමට, ප‍්‍රතිපත්ති ඇති කර ගැනීමට අඛණ්ඩව අරගල කොට ඇත. මාධ්‍යවේදීන්ට දඬුවම් කිරීමේ බලය තිබූ පාර්ලිමේන්තු වරප‍්‍රසාද පනත වෙනස් කරවා ගැනීමට, පුවත්පත් මණ්ඩලය අහෝසි කරවා ගැනීමට, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරවා ගැනීමට, තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරවා ගැනීමට අඛණ්ඩව අරගල කොට ඇත. එයින් පාර්ලිමේන්තු වරප‍්‍රසාද පනත යටතේ මාධ්‍යවේදීන්ට දඬුවම් කිරීමේ බලය අහෝසි කරවා ගැනීමට හැකි විය. තොරතුරු දැන ගැනීමේ පනත ජූනි 24 වැනිදා සම්මත කර ගැනීමට හැකි වී ඇත. අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට, මාධ්‍ය නිදහසට අභියෝග එල්ල වූ අවස්ථාවල නීතිය මඟින් ඒවා අභියෝගයට ලක් කොට පූර්වාදර්ශ සපයන තීන්දු ලබා ගැනීමට හැකි වී ඇත.
රාජ්‍ය මාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය බවට පත් කළ යුතු බව, විද්්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර දීමේ දී විනිවිදභාවයකින් කටයුතු කිරීම සඳහා ස්වාධීන විකාශන සේවා අධිකාරියක් පිහිටු විය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලයට පත් වු සියලූ රජයන් වෙත කරන ලද යෝජනා අතර වෙයි. මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝණය සම්බන්ධයෙන් ස්වයං නියාමන ක‍්‍රමවේදයක් වඩා සාර්ථක බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විශ්වාස කරයි. මාධ්‍ය නිදහස මෙන්ම සමාජ වගකීම ද විශ්වාස කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සම්බන්ධයෙන් 1998 පැවැත්වූ ‘‘මාධ්‍ය නිදහස හා සමාජ වගකීම’’ සමුලූවේ කොටස්කරුවකු වී එහි දී ඇති වූ කොළඹ ප‍්‍රකාශනයට අත්සන් කළ මාධ්‍ය කි‍්‍රයාකාරිකයන්ගේ සංවිධානය බවට පත් විය. (කර්තෘ සංසදය, ප‍්‍රකාශකයන්ගේ සංගමය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය* කොළඹ ප‍්‍රකාශනය පදනම් කරගෙන ඉහත සඳහන් සංවිධාන තුන එක්ව පිහිටුවා ඇති ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනයේ කොටස්කරුවකු ද වෙයි. ඒ යටතේ ඇති ශී‍්‍ර ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම මුද්‍රිත මාධ්‍ය නියාමනය සඳහා ආසියාවේ බිහි වූ ප‍්‍රථම ස්වයං නියාමන යාන්ත‍්‍රණය වේ.
මේ වන විට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ඇති කරන ලෙස රජයට අවස්ථා කිහිපයක දී කරුණු දක්වා ඇත. එවැනි ස්වාධීන කොමිසමක් හරහා, රාජ්‍ය මාධ්‍ය මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමේ කටයුතු, පුවත්පත් මණ්ඩල නීතිය අහෝසි කරවා ගැනීමේ කටයුතු සහ විද්‍යුත් මාධ්‍ය බලපත‍්‍ර දීම සඳහා ස්වාධීන විකාශන අධිකාරයක් පිහිටුවීම වැනි කටයුතු සිදු කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉල්ලා සිටී.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *