ණය ප්‍රතිව්‍යුහගතකරණයට ජාත්‍යන්තර මූල්‍ය හා නීති උපදේශකවරු පත්වෙති

 

 

මෙරට විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා තෝරාගෙන ඇති ජාත්‍යන්තර මූල්‍ය උපදේශකවරයා සහ ජාත්‍යන්තර නීති උපදේශකවරයා සඳහා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

එම තෝරාගැනීම් සඳහා මීට පෙර පැවති කැබිනට් මණ්ඩලය මගින් ප්‍රසම්පාදන කමිටුවක් පත්කොට තිබිණි. එම කමිටුව ජාත්‍යන්තර වශයෙන් යෝජනා කැඳවීමෙන් පසුව මුල්‍ය උපදේශකයකු සහ නීති උපදේශකයකු තෝරාගෙන ඇත.

ඒ අනුව මූල්‍ය උපදේශක සේවාව සඳහා වන ප්‍රසම්පාදනය ප්‍රංශයේ එම් එස් ලසාඩ් නැමති ආයතනයටත්, ජාත්‍යන්තර නීති උපදේශක සේවාව සඳහා වන ප්‍රසම්පාදනය ක්ලිෆර්ඩ් චාන්ස් ආයතනයටත් පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *