ඉන්ධන නිකුත් කිරීමේ සීමා ඉහළ දමයි

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමා ඉහළ දැමීමක් ද  සිදුකර තිබේ.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසීය.

ඒ අනුව යතුරුපැදි සඳහා ඉන්ධන නිකුත් කිරීමේ නව සීමාව රුපියල් 2,500ක් දක්වා ඉහළ දමා ඇත.

මේ අතර ත්‍රිරෝද රථ සඳහා පැවති ඉන්ධන නිකුත් කිරීමේ සීමාව රුපියල් 3,000ක් දක්වා වැඩිකර තිබේ.

එසේම මෝටර් රථ, වෑන් රථ සහ ජිප් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමාව රුපියල් 10,000ක් දක්වා ද ඉහළ දමා ඇත.

ප්‍රවාහන සහ වාණිජ කටයුතු සඳහා වන වාහන සඳහා කිසිදු සීමාවක් ක්‍රියාත්මක නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *