මංගලගේ ඉන්ධන මිල සුත්‍රය යලි ක්‍රියාත්මකයි !

ලෝක වෙළෙඳ පොළේ මිල වැඩි වන විට ඉන්ධන මිල වැඩි කරන්න ආණ්ඩුවක් ඕනෑ නැතයි කියමින් ගෝටාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් අහෝසි කරන ලද, හිටපු  මුදල් ඇමති මංගල සමරවීර මහතා හඳුම්න්වා දී තිබු ඉන්ධන මිල සුත්‍රය යළි ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වෙයි.

විදුලි බල සහ බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කොට ඇත්තේ ඊයේ රාත්‍රියේ කළ ඉන්ධන මිල වැඩි කිරීම කැබිනට මණ්ඩලයෙන් අනුමත කළ මිල සුත්‍රයකට අනුව සිදු කළ බව යි.

ඒ අනුව ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල, නැව් ගාස්තු, ප්‍රවාහන ගාස්තු, බෙදාහැරීමේ වියදම් ආදී සියල්ල මිල සුත්‍රයට ඇතුළත් බව ඇමතිවරයා කියයි.

මංගල සමරවීර මහතාගේ මිල සුත්‍රය ද සකසා තිබුණේ මෙම වියදම් සියල්ල එකතු කිරීමෙනි. ඒ අනුව දැන් ක්‍රියාත්මක කොට ඇත්තේ එම මිල සුත්‍රය ම බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *