වාර්ෂික අදායම කෝටි 200යි: ලන්සුව කෝටි 5800යි : ඒ මුදල හොයන්න වසර 29යි : හොල්සිම් ගන්න යන්නේ කළු සල්ලි සුදු කරන්න බවට තව සාක්කි කුමටද ?

පසුගිය වසරවල ඩොලර් මිලියන 14ක් හෙවත් රුපියල් කෝටි 200ක් පමණක් වාර්ෂික අදායම ලෙස ලැබූ හොල්සිම් සමාගම මිල දී ගැනීමට රාජපක්ෂ පවුලේ කළු සල්ලි කළමනාකරුවකු බව කියන නන්දන ලොකුවිතාන නැමැත්තා කෝටි 5800ක ලන්සුවක් ඉදිරිපත් කොට ඇති අතර එම මුදල පියව ගැනීමට යන කාලය වසර 29කි . අදායම තරමක් වැඩිකර ගත්තද ඒ සදහාද තවත් බයෝජන කල යුතු අතර එසේ කළද වසර 20කින් මෙහා මුදල පියවාගත හැකි බවක් පෙනෙන්නට නැත . මෙය කළු සල්ලි ගනුදෙනුවක් බව පෙන්වීමට එම කරුණ පමණක් ප්‍රමාණවත්ය .

මෙයට යොදවන කෝටි 5800ක මුදල සියයට අටක පොලියට තැන්පතුවක යෙදුවද කෝටි 464ක් උපයාගත හැකිය . එයින් අඩක් වත් හොල්සිම් සමාගමේ අදායම් ලෙස ලබාගත හැකි බවක් පෙනෙන්නට නැත

මෙබදු ඉහල මිලක් ගෙවා හොල්සිම් සමාගම මිල දී ගැනීමට යන්නේ එයින් දිගින් දිගට කරන ගනුදෙනු සදහා ව්‍යාජ ගිණුම් පෙන්වමින් කළු සල්ලි සුදු කිරීමේ යන්ත්‍රයක් ලෙස එය යොදා ගැනීමට බව නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *