රනිල්ගේ ආණ්ඩුවට ආධාර නවත්වන සජබ උත්සාහය කොට උඩ ; ආධාර දෙන බව ප්‍රධාන සංවිධාන, රටවල් නිළ වශයෙන් නිවේදනය කරයි

 

අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් නොවන බව කියමින් එයට ආධාර කිරීමෙන් ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් වැළක්වීමට සමගි ජන බලවේගයේ පිරිසක් දැරූ උත්සාහය ආසාර්ථක කරමින් මෙරටට ආධාර ලබාදෙන බව ප්‍රධානතම ආධාර සංවිධාන සහ ලොව ප්‍රබල ම රටවල් වෙන වෙන ම නිළ නිවේදන නිකුත් කොට තිබේ.

ශ්‍රී ලංකාවට ආධාර දෙන ප්‍රධාන බහු පාර්ශවික ආයතන තුන වන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ආසියානු යටිතල පහසුකම් සහ ආයෝජන බැංකුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවට ආධාර සැපයීම සඳහා තම ආයතන තුන සහයෝගයෙන් කටයුතු කරන බවයි.

ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීමටත්, ජන ජීවිත පවත්වාගෙන යෑමටත් තම සංවිධාන තුන සහයෝගයෙන් ක්‍රියාකරන බව එම නිවේදනයේ සඳහන් වෙයි.

ජනතාවට ඖෂධ, මුදල් ආධාර , ගෑස් සහ පොහොර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට ආධාර කරන බවත්, ඒ සඳහා වෙනත් ව්‍යාපෘතිවලට වෙන් කොට තිබු මුදල් යොදා ගැනීමට කටයුතු කරන බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

ලෝකයේ බලවත් රාජ්‍යයන් නියෝජනය වන ජී 7 කණ්ඩායම බ්‍රසල්ස් නුවර පැවති රැස්වීමකින් පසු නිවේදනය කොට ඇත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට ශ්‍රී ලංකාවට ආධාර කරන බවයි. එහි දී පැරිස් ආධාර කණ්ඩායමේ මුලධර්ම අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියා කරන බව ද එම සංවිධානය නිවේදනය කොට ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රතාන්‍යය , ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඉතාලිය, සහ  කැනඩාව යන ලොව බලවත් ම රටවල් හතක් ජී හත සංවිධානට ඇතුළත් ය.

ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ද්වි පාර්ශවික ණය ලබා දී ඇති රටවල් මෙහි ඇතුළත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *