මිල වැඩි කරන තෙක් ගෑස් හිගය අවසන් නොකරන්න ලිට්‍රෝ සමාගමේ තීරණයක්

 

සඳුදා මෙරටට ලැබෙන ගෑස් නැව් දෙකත් සමග සති දෙකකට ප්‍රමාණවත් ගෑස් තොග ලැබුන ද මිල වැඩි කිරීමට අවසර ලැබෙන තෙක් ගෑස් හිගය අවසන් නොකර සීමා සහිත සැපයුමක් පවත්වා ගැනීමට ලිට්‍රෝ සමාගමේ පාලනාධිකාරිය තීරණය කොට ඇති බව සමාගමේ තතු දත් ආරංචි මාර්ග කියයි.

මේ වනවිට වෙළෙඳපොළේ ගෑස් සිලින්ඩර් ලක්ෂ 35 ක හිගයක් ඇති නමුත් එය අවසන් නොකර දිනකට සිලින්ඩර් 80,000 ක සැපයුමක් පවත්වාගෙන යාමට සමාගම තීරණය කොට ඇත.

ගෑස් හිගය ඇති වන්නට පෙර මෙරට දෛනික ගෑස් ඉල්ලුම දිනකට සිලින්ඩර් 100,000 කට ආසන්න වූ බව කියති. එබැවින් ගෑස් හිගය අවසන් කිරීමට නම් දිනකට නිකුත්කරන සිලින්ඩර් සංඛ්‍යාව තවත් වැඩි කළ යුතු වුව ද, සමාගම තීරණය කොට ඇත්තේ දිනකට සිලින්ඩර් 80,000 ක සැපයුමක් පවත්වා ගැනීමට ය.

දැනට පවතින මිලට ගෑස් විකිණීමෙන් සමාගමට දිගින් දිගට පාඩු ලබන්නට සිදුවීම නිසා මිල වැඩි කිරීමට අවසර ලැබෙන තෙක් ගෑස් හිගය අවසන් නොකරන්නට සමාගම තීරණය කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *