රනිල් ජනාධිපති කරන්නත් අවස්ථාව ඇවිත් – එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන

 

 

 

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීමේ ඉලක්කය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා රටෙි ජනාධිපති කරන්න ජනතාව අසමත්  වූ නමුත් දැන් ඒ දේ සිදු කෙරෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.

රට හදන්න නම් ප්‍රමුඛත්වය දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා වසර 20 ක් අඛණ්ඩව ඉදිරියට යන ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකසා ගැනීමට බව ද වජිර අබෙිවර්ධන මහතා  සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරී හමුවකට සහභාගී වෙමිනි.

“වජිර ඩීල් කාරයා කියලා  සමහර අය මටත් කියනවා  . ඩීල් බැරි නම් එයාට දේශපාලනය බෑ. නායකතුමා ඩීල් කාරයා, වජිර ඩීල් කාරයා කියනවා.ඩීල් එකක් නැති නම් දේශපාලන ස්ථාවරත්වයක් නැහැ . ආර්ථිකයට ඩීල් එකක් ගහන්න බැරි නම් ආර්ථිකය ගොඩගන්නත් බැහැ”යනුවෙන් ද අබෙිවර්ධන මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *