මෙය අලුත් ආණ්ඩුවක් නොවේ ; ආධාර දෙන්න එපා – විපක්ෂයෙන් ජාත්‍යන්තර ප්‍රචාරයක්

 

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කොට ඇති නමුත් දැනට පවතින්නේ පැරණි ආණ්ඩුව ම බවත්, එබැවින් එයට ආධාර ලබා දිය  යුතු නැත බවත්, විපක්ෂයේ කණ්ඩායමක් ජාත්‍යන්තය ආධාර ආයතන සහ තානාපති සේවා සමග පවසා ඇති බව තතු දත් දේශපාලන අංශ කියයි.

පසුගිය දිනවල පැවති සාකච්ඡා ගණනාවක දී විපක්ෂයේ ප්‍රබලයින් මෙම අදහස ප්‍රකාශ කොට ඇත.

විපක්ෂයේ එම කණ්ඩායම විදේශ ආධාර සංවිධාන සමග පවසා ඇත්තේ නව ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුදානම්ව සිටියදී ජනාධිපතිතුමා ඔහුට ඉඩ නොදී රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති තනතුර ලබාදුන් බවයි.

ජනාධිපතිතුමා කර ඇත්තේ පැරණි ආණ්ඩුව ම වෙනත් නායකත්වයකින් පිහිටුවීම පමණක් බවත්, එබැවින් මෙම ආණ්ඩුවට ආධාර නොදිය යුතු බවත්, එම විපක්ෂ කණ්ඩායම ප්‍රචාරය කරමින් සිටින බව දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *