නිකම්ම ආයෝජන නොව ඩොලර් උපයන විදේශ ආයෝජන අපිට අවශ්‍ය ය – මහාචාර්ය රොහාන් සමරජීව

වානීජ වශයෙන් ගත්ත ණය, සහනදායි පදනමෙන් ගත් ණය යනාදි ලෙස සියල්ල එකතු වී අපේ ආර්ථිකයට නරක බලපෑමක් ඇති වී තිබේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගන්නට සිදුවූයේ ඒ තතු යටතේ ය. අපේ මුදල අව ප්‍රමාණය වෙන ප්‍රමාණයට සාපේක්ෂව ණය වල බර අපිට වැඩියෙන් දැනෙන්නට පටන්ගනී. සහනදායි ණය පවා මුදල අව ප්‍රමාණය වනවිට අපිට ගෙවන්නට තිබෙන ප්‍රමාණය වැඩිවේ. එස්. ඩි. ආර්. වේවා ඩොලර් වේවා මොකක් හෝ ඒකකයයට අපි මෙහෙන් වැඩියෙන් ගෙවන්නට සිදුවේ. ඒ නිසා අපි ගත්ත ණය ස්වාභාවිකවම වැඩි වේ. අපේ සාමාන්‍ය ආර්ථික පරිසරය තියෙන්නේ එය ආකාරයට ය.
දැන් ආණ්ඩුවකට පුළුවන් ද වසරක් ඇතුලත උත්පාදනයට හේතුවන සියල්ලම ආරම්භ කරන්නට. ඒක ටිකක් අමාරු කොන්ත්‍රාත්තුවකි. ඡන්ද කාලෙට අපි එහෙම නොවෙයි නේ පොරොන්දු වන්නේ. ඉතින් අපි කල්පනා කර බැලුවාම පෙනෙනවා එහෙම කරන්නට පුලුවන් වෙන්නේ බදු වෙනස් කරන එක පමණි. ඒක 100%ක් ආණ්ඩුවේ පාලනය යටතේ තිබෙන දෙයකි. කුමක් හෝ නීතියක් ඉවත් කරන්නට ද අපිට පුළුවන. ඒක අනුව පුද්ගලික ආයෝජකයෙක් නොවන පුද්ගලයින් තීරන ගන්නට ඕනේ යම් යම් දේවල් කරන්නට. වසරකට රුපියල් බිලියනයක විදේශ ආයෝජන තිබුණොත් අපිට ආර්ථිකය වේගවත් ඉදිරි පියවරකට ගෙන්යන්නට පුලුවන් කියන අදහස අපි සරල වශයෙන් ඉදිරිපත් ඉදිරිපත් කළෙ මු. නමුත් ඒ ප්‍රමාණය කිසිම දාකවත් අපිට ලැබුණේ නැත. අපිට වසරකට බිලියනයක් රාජපක්ෂ ආණ්ඩු කාලයේ දී වත් ලැබුණේ නැත. මගේ නම් මතය හුදෙක් විදේශ ආයෝජන එකතු කර කර ඉන්නවාට වඩා විදේශ ආයෝජනත් සමග කරන්නේ කුමක් ද යන්න සැළකිල්ලට ගතයුතු ය. ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන්නේ මොන ආකාරයේ ආයෝජනයන් ද යන්න තෝරා බේරා ගතයුතුව ඇත. උදාහරණයකට ගතහොත්, 98 වගේ කාලයේ විදේශ ආයෝජන විග්‍රහ කර බැලුවොත් වැඩි ආයෝජන ප්‍රමාණයක් ලැබුනේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ය. විදුලි සංදේශ ක්ෂේත්‍රය දෙස බැලුවාම ඒක ආඩම්බර වෙන්නට මෙන්ම සතුටු වන්නට පුළුවන. මක් නිසාද යත් ඒ සේවය අපිට ලැබුනි. නමුත් මේ විදේශ ආයෝජන ගෙනෙන අය දානපතියන් නොවේ. ඒ අයට ලාභාංශ නැවත ගෙනියන්නට අවශ්‍ය ය. ලාභාංශය එලියට යනවා නම් යන්නේ ඩොලර් වලිනි. මේකෙන් දැන් ඩොලර් නිෂ්පාදනය වෙනවා ද යන ප්‍රශ්නයක් එවිට මතුවේ. විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් වෙන්නේ රුපියල් එකතුවීම ය. ඉතා සුලු වශයෙන් එනම් විදේශ සංචාරකයෝ පැමිණි පසු රෝමින් වලින් යම් ප්‍රමාණයකට ඩොලර් ආදායමක් ලැබේ. නමුත් මූලික වශයෙන් සැළකියයුතු ඩොලර් ප්‍රමාණයක් ඒ මගින් ලැබෙන්නේ නැත. මේකත් ලැබෙන්නේ ඉතාමත් කුඩා ඩොලර් ගණනකි. එසේ නැත්නම් ලැබෙන විශාල ගණන වන්නේ රුපියල් ය. මෙතන රුපියල් හම්බ කරලා ඒවා ඩොලර් වලට හරවලා එලියට ගෙනියන එක තමයි වෙන්නේ. එවැනි විදේශ ආයෝජන වලට නොවෙයි ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ. අපි ප්‍රමුඛත්වය දිය යුත්තේ ඩොලර් උපයන විදේශ ආයෝජනයන් වලට ය.
එතනදින් තමයි මා වියට්නාමය ගැන නිතරම සඳහන් කරන්නේ. වියට්නාමය ගත්තාම ලංකාවට වඩා අදත් ඒකපුද්ගල දළජාතික අදායම අඩු රටකි. අපි දන්නා ආකාරයට මහා විනාශවලට මුහුණ දුන්නු රටක් ඒක. සම්භාධක වැනි නොයෙකුත් ආකාරයට බැට කෑ රටක් ඒක. එහෙමත් වෙලාත් ඒ අය ලෝක වෙලඳ සංවිධානයට ඇතුලත් වන්නේ 2006 දී ය. ඊ ළගට ඒ අය ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කරගෙන යනවා එක පෙළට. චීනය සමග, ඕස්ටේ‍රලියාව සමග මෙන්ම ඉන්දිව සමග ද දිගටම ගිවිසුම් අත්සන් කරගෙන යති. අපි ලංකාවත් සමග සංසන්දනය කළහොත්, මේ සංසන්දනය වැදගත් වන්නේ වියට් නාමයේත් අපේ මෙන් තේ තිබේ. වියට්නාමය ද අප මෙන් ඇගලුම් අපනයන කරන රටකි. තවද සේවා ද අපනයනයන්ද කරති. ඒ රට අපිට සමාන ආර්ථික ව්‍යුහයක් තිබෙන රටකි. එසේ වූවාට නිෂ්පාදනය අපිට වඩා ශක්තිමත් ය. අපි ඒක දිහා බැලුවාම ඒ අයගේ විදේශ ආයෝජන අපේ විදේශ ආයෝජනය අතර ආරම්භයේ දි විශාල වෙනසක් නැත. අපිට වඩා දෙගුණයක් පමණයි ඒ අයට විදේශ ආයෝජන එදා තිබුනේ. නමුත් අපේ අපනයන හා ඒ අයගේ අපනයන 2000- 2014 සසඳන විට ඒ අයගේ අපනයන 9 ගුණයකින් වැඩිවී ඇත. අපේ වැඩි වී ඇත්තේ දෙගුනයකින් පමණි. ඔතන තමයි ප්‍රශ්නය තිබෙන්නේ. නිකම්ම අපනයනය නොව ඩොලර් ලබාගන්නා අපනයන හොයා ගන්නට අවශ්‍ය ය. ඒ අය දැන් ඇමෙරිකාව සමගත් වෙළඳ ගිවිසුම් ඇති කරගන්නට සූදානමින් ඉන්නේ.
ඒ අනුව අප ද ඩොලර් උපයා ගැනීමේ අරමුනෙන් අපනයනය කිරිමට අවධානය යොමුකළ යුතු වේ. කෙසේ හෝ අපි ඩොලර් ඉපයිය යුතුව ඇත. ඒක නොකර ස්වාධිනව ස්වෛරීව ජීවත් වෙන්නට පුලවන්ද කියන එක වෙනම කථා කළ හැක. එසේ නම් කාර් ආනයනය කිරීම නවත්වා අපිට තිරික්කල හදා ගන්නට පුලුවන. ගොන් කරත්තවල බඩු පටවන්නට වගේ දේවල් කළ හැකි ය. මක් නිසාද ද යත් අපි විශාල වශයෙන් ආනයනටය කරන්නේ ඉන්ධන ය. අපි පොඩි දවස්වල දර ලිපේ උයාගෙන කෑ බව අපිට මතක ය. මට මතකයි පොඩි දවස් වල අපේ ගෙදර ලයිට් තිබුණේ නැත. රේඩියෝවක් තිබුණෙ නැත. ටෙලිෆොනයක් තිබුනේ ද නැත. එවැනි සමාජයකට ආ පසු යනවාද නැත්නම් දැන් පුරුදු වී තිබෙන ජීවන රටාව පවත්වා ගෙන යනවා ද යන්න අප තීරණය කළයුතු ය. දැන් පුරුදු වී ඇති ජීවන රටාව පවත්වා ගැනීමට යන්නට නම් අපි අපනයන ආර්ථිකයට සහභාගි වියයුතුව ඇත. අපනයන ආර්ථිකයට සහභාගි වනවා නම් ආනයන ආර්ථිකයටත් සහභාගි වියයුතු ය. ඒ දෙක එකටයි යන්නේ. වියට්නාමය කර තිබෙන්නේ ඒ දෙකම ගැටගහගෙන යෑම ය. එහෙම කරන විට විදේශ ආයෝජන ද පැමිනේ. විවෘත භාවය ඇතිවෙනවා නම් ඔය විදේශ ආයෝජන ගලාගෙන එයි.
අපි උදාහරණයක් ගතහොත්. ජී.එස්.පි ප්ලස් ගිවිසුමට අපි ඇතුලත් වලා නෑ තවම. ආණ්ඩුව කියන්නේ ඒකට ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කළ බව පමණි. නමුත් ඒ ප්‍රවනතාවය හොඳ නිසා ඉන්දිවේ බයිසිකල් නිෂ්පාදනය කරන විශාල සමාගමක් ලංකාවේ බයිසිකල් නිෂ්පාදනය කරන සමාගමක් මිලදී ගන්නට පැමිණ ඇත. ඒ මිලදී ගැනීමෙන් ඒ අය වැඩි කොටස් ගන්න එක වලක්වන්නට නොහැකි. නමුත් ඒක විශාල විදේශ ආයෝජනයකි. ඒක මිලදි ගැනීමක් වූවත් එය ආයෝජනයකි. මක්නිසා ද යත් විශාල ආයෝජනයක් එතන ඇත. එවිට මේ කර්මාන්ත ශාලාවේ ධාරිතාවය වැඩිකළ හැක. ලංකාව දැනටමත් බයිසිකල් අපනයනය කරන රටකි. නමුත් ලංකාව විශාල වශයෙන් බයිසිකල් නිෂ්පාදනය කළහොත්, ජි. එස්. පි. ප්ලස් සහනය යටතේ අපිට විශාල වෙළඳ පොලක් අල්ලා ගන්නට හැකිවන බව ඉන්දියානු ආයෝජකයා විශ්වාස කරයි. ඒ අය ඒ බලාපොරොත්තුවෙන් තමයි මේ ආයෝජනය කරන්නට යන්නේ. මෙතනදි පේනවා මේකේ ඇති අන්තර් සම්බන්ධය කුමක් ද යන්න. අපනයන අවස්ථා ඇත්නම් පමණයි ආයෝජන පැමිණෙන්නේ. නැත්නම් එන්නේ එතරම් ම වැදගත් ආකාරයේ ආයෝජනයන් නොවේ. වෙනත් ආකාරයෙනක් කියන්නේ නම් එන්නේ මා පෙර සඳහන් කළ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වැනි ක්ෂේත්‍රවල ආයෝජනයන් ය. එසේ නැත්නම් පොහොසත් මිනිසුන්ට තට්ටු නිවාස හදන්නට පැමිනෙන ආයෝජනයන් ය. ඒකෙන් ඉහළ තට්ටු විදේශිකයින්ට විකිනීමෙන් යම් ඩොලර් ප්‍රමාණයක් ලැබෙන නමුත් අපේ රටේ අවශ්‍යතාවයට, අපේ ජනතාවට අවශ්‍ය ඉහළ මට්ටමේ ආදායම් ලබන රැකියා අවස්ථාවන් නිර්මාණය වන්නට එය අවස්ථාවක් වන්නේ නැත. අපේ අපනයන වැඩිකර ගැනීම වැනි අරමුණු වලට ඒ අයොජන වලින් එතරම් සෙතක් වන්නේ නැත. ඒ නිසා ඔය බයිසිකල් නිෂ්පාදනය වැනි නිෂ්පාදන තමයි අපි කැඳවාගත යුත්තේ.
එතන දි ආණ්ඩුවට පොඩි ප්‍රශ්නයකට මුහුණ පෑමට සිදුවේ. ආණ්ඩුව මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කර තිබෙනවා අපේ ප්‍රධාන පාර්ශව කරුවන් වන යුරෝපය, චීනය, ඉන්දියාව හා කි නොකි රටවල් සමග ගිවිසුම් අත්සන් කර අපේ අපනයන කරුවන්ට ඒ සන්දර්භය අපි හදාදෙන බව. නමුත් තවම එය ඉටුකර නැත. ඊ ළග එක තමයි ඒක කළ ගමන් ස්විචයක් දැම්මා සේ අපනයන වැඩි වන්නේ ද නැත. නමුත් එසේ කරන්නට යනවා කියන බලාපොරොත්තුව මත මිනිස්සු ආයෝජනය කරති. අර ඉන්දියන් ආයෝජනය පැමිනියේ ජී. එස් පී ප්ලස් එක කෙසේ හෝ ලැබෙයි යන බලාපොරොත්තුවනි. එහෙම තමයි ව්‍යාපාරිකයෝ වැඩ කරන්නේ. ව්‍යාපාරිකයෝ ඉහළ අවදානමක් සහිතවයි වැඩ කරන්නේ. එවිට ඔහුට ලාභයට අයෝජන අවස්ථා වලට ඇතුල් වන්නට පුළුවන. කලින්ම පැමිනියාම ලාභයට එය කරගත හැක. අර ගිවිසුම අත්සන් කලාට පසු මේකේ මිල වැඩිවේ. එවිට එයාට ඊට වැඩිය වියදම් කරන්නට සිදුවේ. ඒ අනුව අපිට පේනවා ඒ සම්භාව්‍යතාවය අනුව තමයි ව්‍යාපාරිකයින් වැඩ කරන්නේ. ලාභයට මේක ගැනීම තුළ අවදානමක් ඇති බව ව්‍යාපාරිකයින්ට අවබෝධයක් ඇත. ලංකාවට ජී. එස්. පි. සහනය ලැබුනේ නැති නම් මිනිහා අමාරුවේ වැටෙනු ඇත. නමුත් ඒක ලැබේය යන බලාfාරොත්තුවෙන් ඔහු මේ ඔට්ටුව තබන්නේ.
දෙවැනි ව ආයෝජන ලබාගන්නට අවිනිශ්චිත භාවය අඩුකළ යුතු ය. සාමාන්‍යයෙන් ප්‍රාග් ධනයෙන් උපයන්නේ ලාභය වේ. අවදානම අඩුම ආයෝජනය ක්‍රමයක් ද ඇත. උදාහරණ ලෙස ස්ථාවර තැන්පතු ගත හැක. ඒ වාගෙන් ලැබෙන්නේ කුඩා ලාභයකි. අවදානම් වැඩි වන්නට, වන්නට ලාභාංශ ද වැඩිවිය යුතු ය. අවිනිශ්චිතතාවය අඩු වෙන විට ඒ අය ආයෝජනය කරති. එහෙම නැතිනම් ආයා්ජන නොකරන්නේ ම ද නැත. සෝමාලියාව වගේ රටකත් මිනිස්සු ආයෝජනය කරකි. උදාහරණ ලෙස සෝමාලියාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ආයෝජන ඇත. නමුත් ඒ තියෙන්නේ වසර දෙකෙන් තුනෙන් ලාභ උපයාගන්නට හැකි, ආවා ගියා ආයෝජන වේ. එමෙන්ම ඉහළ ලාභාංශත් සමග හුගාක් දූෂණය තිබෙන රටක් ගත්තාම ආයෝජනය කරන විට ඒ අයගේ ව්‍යාපාර සැළසුම්වල ඒ අතයට ගෙවීම් සඳහා ප්‍රතිශතයක් ද ආයෝජකයෝ එකතු කරති. උදාහරණයකට ගතහොත්, තවමත් ඔප්පු වී නැති නමුත් ඔය කාසන් සමූහ ව්‍යාපාරයට කොන්ත්‍රාත්තුවක් ලැබි තිබුනි. එහි ක්‍රිෂ්ණන් සෙල්වනාදන් පොලිසියට දී අති කටඋත්තරයකට අනුව එයාට මේ කොන්ත්‍රාත්තුව ලැබුණු බව ආරංචි වී සජින්වාස් ගුණවර්ධන තමාගේ සමාගට උප කොන්ත්‍රාත්තුවක් දෙන් ලෙස ඉල්ලා තිබේ. ක්‍රිෂ්ණන් කියන ආකාරයට ඔහු ඒවා දැන් ගෙවා ඇත. තර්ජන ගර්ජන ඉදිරියේ එයා ඒ උප කොන්ත්‍රාත්තුව දෙන නමුත් එයින් ලැබෙන සේවයක් නැත. ඒක පගාවක් නැත්තම්, බලය හා හයිකාරකම් නිසා ගෙවන කප්පමක් ලෙස එය සළකන්නට පුලුවන. එැනි දේවල් වෙන බව හිතනවා නම් ඒවාට ව්‍යාපාර සැළසුම්වල ඉඩ තියන්නට සිදුවේ. වැඬේ හරි ගියොත් ගෙවා ගන්නට පුලුවන් වන නමුත් සිදුවූයේ නැත්නම් මිනිසා ඒ ටික තබා ගනී. එවිට පේනවා ඒ අවදානම හා අවිනිශ්චිතතාවය මේ අයෝජනවල දී කේන්ද්‍රි වේ. ඒ නිසා තමයි අපි කියන්නේ ඔය දූෂණය අඩුකර ගතහොත් යහපත් බව. ඔය තොරතුරු නීතිය හා විගණන පනත වගේ දේවල් හරහා මහන්සි වෙන්නේ යම් ප්‍රමාණයකට ඒ දුෂණ අඩු කරගන්නට ය. මිනිසෙක් ස්වීඩන් රටේ ආයෝජනය කරන්නේ නම් එයා බලපොරොත්තු වන්නේ නෑ එහේ දූෂණය තිබෙන බවට. එහේ එක්තරා පරාසයක තමයි කරන දෙයක් කරන්නේ.
යම් විදියකින් කිරිගිස්ථානයේ ආයෝජනය කරන විට මිනිහා දන්නවා මෙතරම් ගණනක් අතයට දෙන්නට සිදුවන බව. එතකොට හැකි නම් කිරිගිස්ථානයෙන් ඈත්වෙලා ස්වීඩනයේ ඒ ආයෝජනය කළ හැකිනම් ඔහුට එය වාසි ය. අපි ඒක තේරුම්ගත යුතු ය. ඊ ළගට ඔය මිල උච්චාවචනය කියන එක ද ආයෝජනයක දී බලපානු ලැබේ. විනිමය වගේ දෙයක් නිතරම විශාල ලෙස වෙනස්වෙන විට ඒ ආයෝජනය කරන අයට එය කරගෙන යන්නට ඉතා අපහසු ය. ඊ ළගට තමන්ගේ සේවකයින්ට යම් ගෙවිමක් කරන බවට එකග වී ඇත. ඒවා තමන්ගේ පොත්වල සටහන්ව ඇත. හිටපු හැටියේ ආණ්ඩුව කියනවා නම් මේ සේවයින්ට මෙපමන ගණනක් ගෙවන්නට කියලා ඒක ආයෝජකයෙකුට ප්‍රශ්ණයකි. මක්නිසා ද යත් ගිවිසුම්වල නෑ ආණ්ඩුව පසුව මේ වගේ කොන්දෙසික් දැම්මොත් කුමක් කරන්නේ ද යන්න. මේ ආකාරයට විනිමය අනුපාතය වෙනස් වෙන ආකාරයට හා ආණ්ඩුව නියම කරන වැටුප් කොන්දේසි වෙනස් කිරීමට ගියහොත් ඒ ව්‍යාපාරය කරන්නට අපහසු වේ. ඒක සෑහෙන දුශ්කර කටයුත්තක් ව්‍යාපාරිකයෙකුට. විශේෂයෙන්ම විදේශ වෙළඳ පොල සමග වැඩ කරන ව්‍යාපාරිකයෙකුට මෙය අයහපත් ලෙස බලපානු ඇත. දේශීය වෙළදපොල සමග එක එක සෙල්ලම් දැමිය හැක. අර ගිවිසුමේ තියෙන දේට වෙනස්ව අලුත් ගිවිසම්වලට ඇතුල් වන විට මට ඕන ගණනක් ඇතුල් කරන්නට නොහැක. මගේ තරගකරුවන් පැරදවිම සඳහා තමයි මම මිල නියම කරන්නේ. මට කියන්න බෑ ආණ්ඩුව 15%කි වැඩි කළා ඒ නිසා 15%කින් මගේ මිල වැඩියි කියලා. මම එහෙම කරන්නට ගියහොත් මගේ තරගකරවන් ඒ වැඩය ඔවුන් අතට ගනිති. ඔවැනි තත්ත්වයක් යටතේ තමයි අපේ ආයෝජකයින් අද ඉන්නේ. ආණ්ඩුව බලයට පත්වූ ගමන්ම කළ වැරැද්ද ඊ ළග කොටසේ දී සාකච්ඡා කරමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *