බැසිල් පාර්ලිමේන්තුවෙන් නෙරපන සැලසුමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමේ සැලසුමක් ආණ්ඩුවේ සිට ඉවත් වූ කණ්ඩායමේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ඉවත් කෙරෙන 21 වැනි සංශෝධනය මගින් 19 වැනි සංශෝධනයේ ලෙස ජනාධිපති බලය සීමා කිරීමත් සමග ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීමේ හැකියාව අහෝසි කිරීම මගින් බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුස්සකු බවට පත් කිරීම එම සැලසුම වී තිබේ.

මෙම සැලසුම දැනගත් බැසිල් රාජපක්ෂ මහතා නව ව්‍යවස්ථා සංශෝධනයෙන් අදාළ වගන්ති ඉවත් කර ගැනීමේ උත්සාහයක මේ වන විටත් නියලී සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත්, ව්‍යවස්ථා සම්පාදක ඇමති වන විජේදාස රාජපක්ෂ මහතා කියන්නේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රී ධුර දැරීමට ඉඩ නොතැබීම 21 වැනි සංශෝධනයේ අඩංගු කරන ප්‍රධාන විධිවිධානයක් වන බවයි.

නව සංශෝධන කෙටුම්පත 23 දා , සඳුදා කැබිනට මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *