ශ්‍රීලනිප තව පහක්, සජබ දහයක් ආණ්ඩුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සහ සමගි ජන බලවේගයේ තවත් දහ දෙනෙකු ආණ්ඩුවට එක් වීමට සාකච්ඡා කරමින් සිටින බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි .

ඒ අනුව, ශ්‍රීලනිපයේ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්ප කුමාර,  සහ චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරුන් ඉදිරි කාලයේ ආණ්ඩුවට එකතුවීමට නියමිතය.

සමගි ජන බලවේගයෙන් ඊයේ දිව්රුම් දුන් හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන්ට අමතරව තවත් දහ දෙනෙකු පමණ ආණ්ඩුවට එකතුවීමට සාකච්ඡා කරමින් සිටින බව කියති. ඔවුන් පක්ෂයෙන් ස්වාධින වෙමින් මෙම තීරණය ගැනීමට යන බව එම පක්ෂයේ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *