ගෑස් සිලින්ඩර් 80,000 ක් දිනපතා වෙළෙඳපොළට

දින විස්සක් පමණ කාලයක් අත් හිටුව තිබු ගෘහස්ත ගෑස් නිකුත්කිරීම යළි ආරම්භ කළ බවත්, හෙට සිට දිනපතා ගෑස් සිලින්ඩර් 80,000 බැගින් වෙළෙඳපොළට නිකුත් කරන බවත්, ලිට්රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරයි.

ඊයේ දිනයේ ගෑස් සිලින්ඩර් 35,000 ක් නිකුත් කොට ඇති සමාගම අද දිනයේ නිකුත කිරීමට සැලසුම් කොට තිබු  සංඛ්‍යාව 50,000 කි.

ලිට්‍රෝ ගෑස් සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ගෑස් නැව් දෙකකින් ගෑස් ගොඩබෑම මේ වනවිට සිදුවෙමින් පවතින බවයි.

කෙසේ වෙතත්, වෙළෙඳපොළේ ගෑස් සිලින්ඩර් ලක්ෂ 35 ක හිගයක් ඇති නිසා සැපයුම යථා තත්ත්වයට පත්වීමට සති කිහිපයක් ගතවනු ඇති බව හේරත් මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *