හිගයකින් තොරව පෙට්‍රල් බෙදාහැරීම ඇරඹෙයි

 

දිවයිනේ සියලු ඉන්ධනහල් සඳහා පෙට්‍රල් තොග බෙදාහැරීම අද උදෑසන සිට ආරම්භ කොට ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන හල් සඳහා අවශ්‍ය ඩීසල් තොග අඟහරුවාදා සිට නිකුත් කරමින් පැවතුන ද පෙට්‍රල්වල දැඩි හිගයක් පැවතින.

කෙසේ වෙතත්, දිවයිනට පැමිණි නැව් දෙකකින් පෙට්‍රල් ගොඩබෑම මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

මින් එක නැවක් සීපෙට්කෝ ආයතනයෙන් ගෙන්වා ඇති අතර අනෙක් නව ලංකා අයි ඕ සී සමගම විසින් ගෙන්වා ඇත.

ඒ අනුව සීපෙට්කෝ සහ අයි ඕ සී සමාගම් දෙක ම මගින් පෙට්‍රල් බෙදාහැරීම සිදුකෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *