ඉන්ධන පෝළිම් සහ මන්ත්‍රී තුමන්ලා – අනුර සුරිය බණ්ඩාර

ආණ්ඩුව නැවත නැවතත් කටයුතු කරමින් සිටින්නේ ජනතාව ගේ කෝපය සහ විරෝධය වැඩි වර්ධනය කරන ආකාරයෙන් බව පෙන්වන හොඳම නිදර්ශනය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන ප්‍රශ්නය විසඳන ලද ආකාරයයි. මේ වන විට රට පුරා දැඩි ඉන්ධන හිගයක් පවතී. ජනතාව ඉන්ධන පෝළිම් වල දින ගණන් ගත කරන තත්ත්වයක් පවතී. විෂය බාර ඇමැතිවරයා ගැටලුව විසඳනවා නොව කරන්නේ, ඉන්ධන පෝළිම් වලට නොඑන්නැයි ජනතාවගෙන් ඉල්ලීම් කිරීමය. ජනතාව පෝළිම් වල කල් ගත කරන්නේ විනෝදයට නොවේ.

එක් මවක් කීවේ, නිවෙසට ආ නොහැකිව අතර මඟක සිටින තම දරුවන්ට යවන්නට ඉන්ධන ටිකක් ගන්නට පෝළිමේ ඉන්න බවය. ඉන්ධන පෝළිම් වල මිනිසුන් මිය යන මට්ටමක් දක්වා ප්‍රශ්නය මේ වන විට උග්‍රය. කොයි මොහොතේ හෝ පැමිණෙනු ඇතැයි ජනතාව සිතන බවුසරයකින් ඉන්ධන ලබා ගැනීමේ අරමුණින් ජනතාව පෝළිම් ගැසෙති. ඔවුනට අවශ්‍ය හැකි පළමු අවස්ථාවේ ම ඉන්ධන ලබා ගැනීමය. පෝළිමේ නොසිට නිවෙසට ගොස් පෝළිමේ තමන්ගේ තැන අහිමි කර ගන්නට ඔවුහු බිය වෙති. පැමිණෙන බවුසරයේ ඉන්ධන අවසන් වුව හොත් යළි කවදා නැවත බවුසරයක් පැමිණෙන්නේ ද යන්න සැක සහිත බැවිනි.

සාමාන්‍ය පෙළ විභාගය ආසන්නයේ තම දරුවන් විභාග මධ්‍යස්ථාන වලට කැටුව යාමට ජනතාවට ඉන්ධන අවශ්‍යය. තෙල් නැහැ එන්න එපා! කියන්නට ඇමැතිවරයාට පහසු නමුත් ඉන්ධන නොමැතිව එදිනෙදා කටයුතු කර ගැනීම ජනතාවට ඒ තරමට පහසු නැත. ඉන්ධන නැහැ එන්න එපා කියන්නට නම් ඇමැති කෙනෙක් කුමටද? ඇමැතිගේ වගකීම හිගයකින් තොරව ජනතාවට ඉන්ධන ලබා දීමය.

සාමාන්‍ය පෙළ විභාගය ආසන්නයේ තම දරුවන් විභාග මධ්‍යස්ථාන වලට කැටුව යාමට ජනතාවට ඉන්ධන අවශ්‍යය. තෙල් නැහැ එන්න එපා! කියන්නට ඇමැතිවරයාට පහසු නමුත් ඉන්ධන නොමැතිව එදිනෙදා කටයුතු කර ගැනීම ජනතාවට ඒ තරමට පහසු නැත. ඉන්ධන නැහැ එන්න එපා කියන්නට නම් ඇමැති කෙනෙක් කුමටද? ඇමැතිගේ වගකීම හිගයකින් තොරව ජනතාවට ඉන්ධන ලබා දීමය.

ඒ වගකීම ඉටු කරන්නට බැරි නම් නොහැකියාවට හේතු කීමෙන් පලක් නැත. වගකීම ඉටු කළ නොහැකි ඇමැති ඉල්ලා අස් විය යුතුය. අවම වශයෙන් මෙපමණ කාලයකින් ප්‍රශ්නය නිශ්චිතව විසඳන්නේය, එතෙක් ඉවසන්න කියනවාත් නොවේ. එවැනි තත්ත්වයක ඇමැතිවරයා පෝළිමේ ඉන්න ජනතාවට දොස් පැවරීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය.

එසේම සාධාරණ ද නැත.

පවතින ඉන්ධන හිගය ආණ්ඩුව විසින්ම ජනතාව මත පටවන ලද්දකි. ප්‍රශ්නයට හේතුව ඩොලර් හිගය යැයි කීවද ඩොලර් හිගය ඉක්මවා යන පරිපාලනමය දුර්වලතා පිළිබඳ ගැටලුවක් ද ඉන්ධන හිගය පිටුපස තිබේ. මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති කළ අනතුරු ඇඟවීමට ආණ්ඩුව කන් දුන්නේ නැත. ඉන්ධන හිගයක් ඇති නොවන ආකාරයට ඩොලර් කළමනාකරණය කරගන්නට ආණ්ඩුව පියවර ගත්තේ ද නැත.

ඩොලර් නැතැයි කියන අතර ඉන්ධන නැවු වලට  ලක්ෂ ගණනින් ප්‍රමාද ගාස්තු ගෙවන බවටත් එම ප්‍රමාද ගාස්තු වලින් ද කොමිස් කන බවටත් වෘත්තීය සමිති චෝදනා කරති. රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගන්නට තිබුණු අවස්ථාවක් මගහැර ඇති බවට සහ චීනයෙන් ලබා දෙන්නට සැරසුණු ඉන්ධන නැවක් ලබා නොගත් බවටද චෝදනා තිබේ. ඉන්ධන හිගයේ මුල් අවස්ථාවේ එයට විසඳුම් දීම වෙනුවට ඇමැතිවරු කළේ වෘත්තීය සමිති කළ අනතුරු ඇඟවීම් නිසා පෝළිම් ඇති වු බව කියමින් ඔවුනට දොස් පැවරීමය. ලෝක වෙළඳ පොළෙහි ඉන්ධන මිල අඩු කාලයේ එම සහනය ජනතාවට නොදී ගොඩනැඟුවාය කියූ අරමුදල ගැන ද දැන් කතාවක් නැත.

ඩොලර් නැතැයි කියන අතර ඉන්ධන නැවු වලට  ලක්ෂ ගණනින් ප්‍රමාද ගාස්තු ගෙවන බවටත් එම ප්‍රමාද ගාස්තු වලින් ද කොමිස් කන බවටත් වෘත්තීය සමිති චෝදනා කරති. රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගන්නට තිබුණු අවස්ථාවක් මගහැර ඇති බවට සහ චීනයෙන් ලබා දෙන්නට සැරසුණු ඉන්ධන නැවක් ලබා නොගත් බවටද චෝදනා තිබේ. ඉන්ධන හිගයේ මුල් අවස්ථාවේ එයට විසඳුම් දීම වෙනුවට ඇමැතිවරු කළේ වෘත්තීය සමිති කළ අනතුරු ඇඟවීම් නිසා පෝළිම් ඇති වු බව කියමින් ඔවුනට දොස් පැවරීමය. ලෝක වෙළඳ පොළෙහි ඉන්ධන මිල අඩු කාලයේ එම සහනය ජනතාවට නොදී ගොඩනැඟුවාය කියූ අරමුදල ගැන ද දැන් කතාවක් නැත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිසියෙන් ඉන්ධන සපයන්නට ගත් තීරණය සලකා බැලිය යුත්තේ මේ වතාවරණයට සාපේක්ෂවය. එක්තරා මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී තමන්ට ගමට යන්නට ඉන්ධන නැතැයි කන්කෙඳිරිගාන ආකාරය පෙනුණි. ඉන්ධන හිගය නිසා රටේ ජනතාව ගෙන් බහුතරය මුහුණ දෙන දුෂ්කරතා මන්ත්‍රී තුමාගේ ගමට යාමේ ප්‍රශ්නයට වඩා සංකීර්ණය. ඉන්ධන නොමැතිකම හේතුවෙන් තම එදිනෙදා ජීවිකාව උපයා ගත නොහැකිව තැවෙන ත්‍රිරෝද රථ රියැදුරන් කොපමණ සංඛ්‍යාවක් මෙරට සිටීද. ඔවුන්ට නිවෙසට යාමට පමණක් නොව දරුමල්ලන්ට කෑමට යමක් සපයා ගන්නට වත් හැකියාවක් නැත.

ඉන්ධන නොමැති නිසා රැකියාවට යා නොහැකිව කී දෙනෙක් ඉන්ධන හල් අසල අසරණව සිටීද? එවැනි තත්වයක මන්ත්‍රීවරු කළ යුතු වන්නේ කොතැනින් හෝ තමන්ගේ ඉන්ධන ටැංකිය පුරවා ගැනීම නොවේ. ගමට යන්නට තමාට ඉන්ධන නැතැයි තැවෙන මන්ත්‍රීවරයා පෙන්වන්නේ, පාර්ලිමේන්තුව තමන්ගේ ප්‍රශ්න ගැන වද වෙනවා මිස ජනතාවගේ ගැටලු ගැන සංවේදී වන්නේ නැත යන ජනතා මතය සාධාරණ බවය. මන්ත්‍රීවරයාට ගමට යන්නට ඉන්ධන නැතිනම් කොළඹ ඉන්නට නිල නිවෙසක් ආණ්ඩුව විසින් සපයා තිබේ. තමන්ට එම පහසුකම ඇති නමුත් ජනතාවට එසේ නැති බව  සිතන්නට තරම් වත් සංවේදී නොවන , ජනතා නියෝජිතයන් යැයි කියා ගන්නා පිරිසක ගෙන් රටට යහපතක් වේ යැයි සිතිය නොහැකිය.

පවතින අර්බුදය හමුවේ සැබෑ ජනතා නියෝජිතයන් නම් කළ යුත්තේ තමන් භාවිත කරන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට ගත හැකි පියවර කුමක්දැයි සාකච්ඡා කිරීමය.දැනට මන්ත්‍රීවරු භාවිත කරන සුඛෝපභෝගී වාහන වෙනුවට  ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහන වලට මාරු වීම එහිදී අනුගමනය කළ හැකි එක් පියවරකි. මන්ත්‍රීවරු කිහිප දෙනකුට එක වාහනයක ගමන් කරන්නට වුවද හැකියාව ඇත. ගමන් බිමන් සීමා කිරීම තවත් ක්‍රමයකි. ඉන්ධන සලාක ක්‍රමයක් වැනි පියවරක් අනුගමනය කර රටට පූර්වාදර්ශයක් දෙන්නට වුවද පාර්ලිමේන්තුවට හැකියාව තිබේ.

නව අගමැතිවරයා ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සීමා කරන්නට කතා කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්⁣ට ඉන්ධන ලබා ගැනීමට විශේෂ  පහසුකම් සැපයීමද අනුමත කළ නොහැකිය. ඉදිරි මාස කිහිපය අතිශය භයානකය කියමින් සහ ජනතාවට දුක් විඳින්නට සූදානම් වන්නට කියන අතර පෝළිමේ නොඉඳ පොලිසිය මගින් මන්ත්‍රීවරුන්ට ඉන්ධන සැපයීම ඔවුන්⁣ට මෙතෙක් නොතිබුණු වරප්‍රසාදයක් හිමිකර දීමකි.  වත්මන් පාර්ලිමේන්තුව මේ කරන්නේ ජනතාවට කවර අපහසුතාවක් සිදු වුවද තමන්ගේ කොටස වෙන්කර ගැනීමය. එකී වරද නිවැරදි කර ගන්නවා වෙනුවට ඇතැම් මන්ත්‍රීවරු ඉන්ධන වරප්‍රසාදය පිළිබඳ හෙළිකළ ජනමාධ්‍ය වලට දොස් පවරන ආකාරය දකින ජනතාව 225ම එපා කීම වරදක් යැයි කීමට හැකියාවක් නැත.

අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *