රට අදුරේ තබා 2020 මැතිවරණයට යන්න ජනාධිපති උපදේශකයෝ පාර කපති !

ත්‍රිකුණාමලයේ සාම්පුර් බලාගාරය ගල් අඟුරු වලින් නොව ද්‍රවිකෘත ස්වභාවික වායු වලින් ක්‍රියාත්මක කිරීමට නැවත සැලසුම් කරන ලෙස ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු නියෝගයක් නිසා බලාගාරය ඉදිකිරිම නතරවී ඇති බවත් දැනටමත් ප්‍රමාද වී ඇති බලාගාරය තවත් ප්‍රමාද වුවහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් 2020 මැතිවරණයට මුහුණදීමට සිදුවන්නේ රටේ විශාල විදුලි අර්බුදයක් තිබියදී විදුලිය කැපීම් ක්‍රියාත්මක කරමින් බව විදුලිබල ක්ෂේත්‍රයේ විද්වත්හු කියති . එසේ නැතහොත් නැවතත් අධික මිලට හදිසි විදුලි මිලදීගැනීම් සිදුකිරීමට වීමෙන් විදුලි ගාස්තු ඉහල දැමීමට සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති .

පසුගිය රජය සමයේ ආරම්භ කල සම්පුර් විදුලි බලාගාර ව්‍යාපෘතිය සැලසුම් කිරීමට වසර දහයක් ගතවී ඇත . දැන් ඇත්තේ එහි ඉදිකිරීම් ආරම්භ කිරීමටය . එම ඉදිකිරීම් මේ වනවිට ආරම්භ නොකර ඇත්තේ එය ස්වභාවික වායු වලට  හැරවීමට ලැබුණු අලුත් නියෝගයක් නිසාය . එසේ යලි සැලසුම් කිරීමට තවත් කාලයක් ගතවන බැවින් 2020 මහා මැතිවරණය වනවිට විදුලි අර්බුදයක් වැළක්විය නොහැකි වන බව විශේෂඥයෝ කියති .

විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගේ අප කල විමසුමකට පිළිතුරු ලෙස ඒ මහතා ප්‍රකාශ කළේ මෙලෙස හදිසියේ සාම්පුර් බලාගාරය ස්වභාවික වායුවෙන් ක්‍රියාත්මක කිරීමට යාමෙන් ඇතිවන අර්බුදය නිසා අවසානයේ සිදුවිය හැක්කේ තව තවත් ඩීසල් බලාගාර ඉදිකිරීමට සිදුවීම වියහැකි බවයි .

මෙම තත්වය ඇතිවී තිබෙන්නේ ජනාධිපති කාර්යාලයට සම්බන්ද ඇතැම් උපදේශකයින් නිසා බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *