පාර්ලිමේන්තුවේ චරිත සහතිකය – අනුර කේ එදිරිසූරිය 

රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අග්‍රාමාත්‍ය ධූරයට පත්ව රැස්වූ පාර්ලිමේන්තුවේ මුල්ම කටයුත්ත වූයේ නියෝජ්‍ය කතානායකවරයකු පත්කර ගැනීමය. එසේ පත් කෙරුණේ, වත්මන්  අර්බුදකාරී දේශපාලන වටපිටාව තුළ පත් වූ දෙවන නියෝජ්‍ය කතානායකවරයා ය. ඉල්ලා අස්වී  පත්වී නැවත ඉල්ලා අස්වූ රංජිත් සියඹලාපිටිය ගේ අඩුව පුරවන්නටය. නියෝජ්‍ය කතානායක ධූරය හිස්ව තබාගෙන පාර්ලිමේන්තුවේ කටයුතු කළ හැකි බවට පූර්වාදර්ශය තිබියදී රටේ දහසක් ප්‍රශ්න මැද එම ධූරය ඡන්ද විමසීමක් දක්වා දිග්ගැසුණේ ආණ්ඩුව මෙන්ම විරුද්ධ පක්ෂයත් පාර්ලිමේන්තුව තුළ තම බලය පෙන්වීමට අවස්ථාවක් ලෙස එය යොදා ගැනීමට ගත් උත්සාහය හේතුවෙනි.

අවසානයේ සිදු වූයේ ජනතාවගේ මුදල් මේ අර්බුදකාරී අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සභා වාර දෙකක් සඳහා වියදම් කර එක් නියෝජ්‍ය කතා නායක වරයකු පත් කර ගැනීමය.මෙකී තත්ත්වය මෙරට පාර්ලිමේන්තුව රටේ දැවෙන ප්‍රශ්න කෙරෙහි දක්වනු ලබන සංවේදී බව කොතරම් කුඩා ද යන වග පෙන්නුම් කරන්නකි.

අවසානයේ සිදු වූයේ ජනතාවගේ මුදල් මේ අර්බුදකාරී අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සභා වාර දෙකක් සඳහා වියදම් කර එක් නියෝජ්‍ය කතා නායක වරයකු පත් කර ගැනීමය.මෙකී තත්ත්වය මෙරට පාර්ලිමේන්තුව රටේ දැවෙන ප්‍රශ්න කෙරෙහි දක්වනු ලබන සංවේදී බව කොතරම් කුඩා ද යන වග පෙන්නුම් කරන්නකි. 

පොහොට්ටුවේ අ⁣පේක්ෂක අජිත් රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 31කිනි. එය ආණ්ඩුවේ 3/2 නැති වීමක්⁣ ලෙස දක්වා හිත රවටා ගන්නට විපක්ෂය උත්සාහ කරන නමුත් එහි අනිත් පැත්ත පාර්ලිමේන්තුවේ බහුතර  බලය තවමත් පොහොට්ටුව සතුව පවතින බවය.

නියෝජ්‍ය කතා නායක ධූරයට පත්ව සිටින අජිත් රාජපක්ෂ මහතා යනු තමා පාර්ලිමේන්තුවේ වාචික හිංසනයට ගොදුරු වූ අවස්ථාවේ කතානායක පුටුවේ සිටි තැනැත්තා බව පරාජිත නියෝජ්‍ය කතානායක ධූරාපේක්ෂක රෝහිණි විජේරත්න මහත්මිය කියයි. මන්ත්‍රීවරියකට එරෙහි වාචික හිංසනය වලක්වා නොගත් හෝ ඊට හැකියාවක් නොපෙන්වූ අයකු නියෝජ්‍ය කතානායක වශයෙන් ස්ථිරව පත්කර ගත් පාර්ලිමේන්තුවට ජය වේවා! කියා ජනතාව කියනු ඇතැයි ආණ්ඩුව සිතනවා වන්නට පුළුවන. පාර්ලිමේන්තුවේ ස්වභාව අනුව වාචික හිංසනය කළ තැනැත්තා ම එම ධූරයට පත් වුවත් පුදුමයට කරුණක් නොවේ.

කාන්තාවක් නියෝජ්‍ය කතානායක තනතුරට පත් වූයේ නම් තමා කැමැති බව කියන අගමැතිවරයා, මෙරට සෙනෙට් සභාවේ නියෝජ්‍ය කතානායක වශයෙන් අවසන් වරට කටයුතු කළේ තම මවගේ නැන්දම්මා ඇඩ්ලින් මොළමුරේ බව ද  කීවේය. මොළමුරේ කතාව පසෙක තැබුවද අගමැතිවරයා කැමති ආකාරයට නියෝජ්‍ය කතානායක වශයෙන් කාන්තාවක් පත් කර ගන්නට ඔහුට ඉඩ නොලැබීම සැලකිල්ලට යොමු විය යුතු කරුණකි. අගමැතිවරයා  ගේ ප්‍රකාශක් අනුව, නියෝජ්‍ය කතානායක ධූරය සම්බන්ධ සාකච්ඡාව සිදුව ඇත්තේ ඔහුගෙන් පිටස්තරව ද යන සැකය මතුවේ. එසේ වූයේ නම් එය යහ පාලන කාලයේ ආණ්ඩුව තුළ තිබුණේයැයි වික්‍රමසිංහ මහතා ම කියන ආකාරයේ තත්ත්වයකට වත්මන් ආණ්ඩුව ද යාමකි. පාස්කු ප්‍රහාරය ආසන්නයේ ආරක්ෂක කමිටුවට තමන් නොකැඳවූ බව වික්‍රමසිංහ මහතා කියා තිබේ.

අගමැතිවරයා කැමති ආකාරයට නියෝජ්‍ය කතානායක වශයෙන් කාන්තාවක් පත් කර ගන්නට ඔහුට ඉඩ නොලැබීම සැලකිල්ලට යොමු විය යුතු කරුණකි. අගමැතිවරයා  ගේ ප්‍රකාශක් අනුව, නියෝජ්‍ය කතානායක ධූරය සම්බන්ධ සාකච්ඡාව සිදුව ඇත්තේ ඔහුගෙන් පිටස්තරව ද යන සැකය මතුවේ. එසේ වූයේ නම් එය යහ පාලන කාලයේ ආණ්ඩුව තුළ තිබුණේයැයි වික්‍රමසිංහ මහතා ම කියන ආකාරයේ තත්ත්වයකට වත්මන් ආණ්ඩුව ද යාමකි. පාස්කු ප්‍රහාරය ආසන්නයේ ආරක්ෂක කමිටුවට තමන් නොකැඳවූ බව වික්‍රමසිංහ මහතා කියා තිබේ.

රෝහිණී විජයරත්න නියෝජ්‍ය කතානායක තරගයෙන් පරාජය වීම මෙරට පාර්ලිමේන්තුවේ කාන්තා හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධ ප්‍රශ්නයක් වශයෙන් තේරුම් ගැනීමත් වැදගත්ය. මොළමුරේ මැතිණියගෙන් පසුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරකට වත් කාන්තාවක් පත්කර නැති බව ද කියති. පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ගේ යෝග්‍යතාව බරපතළ ලෙස එළියේ ප්‍රශ්න කෙරෙමින් පවතින අවස්ථාවක කාන්තා අයිතිය පිළිබඳ පූර්වාදර්ශයක් රෝහිණී විජයරත්න හරහා දෙන්නට තිබුණු අවස්ථාව මගහැරීම ආණ්ඩුවේ උඩඟුකම සහ බලයට ගිජු බව ප්‍රදර්ශනය කරන අවස්ථාවකි.

ජනාධිපතිවරයාට විරුද්ධව විශ්වාසය කඩ කිරීමේ යෝජනාවක් විවාදයට ගැනීම  සඳහා ස්ථාවර නියෝග කල් දැමීමට සුමන්තිරන් මන්ත්‍රීවරයා කළ  යෝජනාවද පාර්ලිමේන්තුවේ පරාජයට පත් විය. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා දක්වන මතය වන්නේ , කළහකාරී සිදුවීම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මියයාම සහ මන්ත්‍රීවරුන්ගේ  නිවාස ගිනි තැබීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අඟහරුවාදා කාලය වෙන් කර තිබුණු බැවින් එයට ප්‍රමුඛත්වය දිය යුතුව තිබුණු බවයි.

මන්ත්‍රී වරුන්ගේ නිවාස ගිනි තැබු බව සැබෑ නමුත් ඒ ගිනි තැබීම් වලට පසුබිම සැකසුණේ ගෝල්ෆේස් ප්‍රහාරය හේතුවෙනි. එය අමතක කර මන්ත්‍රී නිවාස ගිනි තැබීම් සම්බන්ධයෙන් පමණක් අදහස් දැක්වීමට ඉඩ සැලසීම ප්‍රශ්නයේ එක් කොටසක් පමණක් පාර්ලිමේන්තුව තුළට ගැනීමකි. භූමියේ ප්‍රශ්නය අමතක කර තමන්ගේ ප්‍රශ්නය කියන්නට කාලයත් ජනතා මුදලුත් කා දැමීමකි. මේ මොහොතේ පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ මතුව ඇති අර්බුදයට හේතුව සම්බන්ධයෙන් විවාද කර වහාම එම ප්‍රශ්නය නිරාකරණය කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමය. නමුත්, පසුගිය සභා වාර සියල්ලේ දී මෙන්ම මේ වතාවේත් පාර්ලිමේන්තුව පෙන්වා දුන්නේ ජනතාවගේ ප්‍රශ්නවලට වඩා පාර්ලිමේන්තුවට තමන්ගේ ප්‍රශ්නය වැදගත් බවය. වත්මන් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් එළියේ විරෝධය සාධාරණ බව මේ සියල්ලෙන් පෙනේ.

මේ මොහොතේ පාර්ලිමේන්තුවේ වගකීම වන්නේ මතුව ඇති අර්බුදයට හේතුව සම්බන්ධයෙන් විවාද කර වහාම එම ප්‍රශ්නය නිරාකරණය කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමය. නමුත්, පසුගිය සභා වාර සියල්ලේ දී මෙන්ම මේ වතාවේත් පාර්ලිමේන්තුව පෙන්වා දුන්නේ ජනතාවගේ ප්‍රශ්නවලට වඩා පාර්ලිමේන්තුවට තමන්ගේ ප්‍රශ්නය වැදගත් බවය. වත්මන් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් එළියේ විරෝධය සාධාරණ බව මේ සියල්ලෙන් පෙනේ.

මන්ත්‍රී නිවාස ගිනි තැබීම් වලට ජනාධිපතිවරයා සතු වගකීමක් තිබේ. සාමකාමීව විරෝධය පෑමට ජනතාවට ඇති අයිතිය ආරක්ෂා කරන්නට ජනාධිපතිවරයා අසමත්ව ඇති අතර මන්ත්‍රී නිවාස ගිනි තැබීම් වල⁣ට හේතු වූයේ ද ඒ අසමත්කම ම ය. එවැනි තත්ත්වයක මන්ත්‍රී නිවාස ගිනි තැබීම් ගැන කරුණු කීම වඩා වැදගත් ය සිතන අගමැතිවරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම ගැන කියන කතා වල වලංගුභාවය ගැන වෙනම සාකච්ඡාවක් අවශ්‍යය.

අනුර කේ එදිරිසූරිය

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *