විනෝදයට පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා !!! – සීපෙට්කෝ

පෙට්‍රල් අත්‍යවශ්‍ය අය හැර අනෙක් අය අද දිනයේ පෙට්‍රල් පෝලිම්වල රැඳී නොසිටින ලෙස සීපෙට්කෝ ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයක් මගින් ඉල්ලීමක් කොට තිබේ.

ඒ අනුව විනෝදය සඳහා හෝ වෙනත් කාරණයක් සඳහා හෝ ජනතාව පැය හතර පහක් පෙට්‍රල් පෝලිම්වල සිටීමෙන් අද දිනය තුළ වැළකී සිටිය යුතු ය. එබඳු තැනැත්තන්ට හෙට දිනයේ සිට එම අවස්ථාව උදාවනු ඇත.

එමෙන් ම, බල්ලන් නැවීම, මල් පැලවලට දැමීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පෙට්‍රල් භාවිතා කිරීමෙන් ද ජනතාව වැළකී සිටිය යුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *