කොළඹ හා ත්‍රිකුණාමලය අතර ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් අධ්‍යනයක් !

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රි ලංකාවේ අග නගරය වූ කොළඹ නගරය හා නැගෙනහිර පිහිටි ත්‍රිකුණාමලය නගරය අතර ආර්ථික කොරිඩොවක් නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනයක් කෙරෙන බව ජේ්‍යෂ්ට නිළධාරියෙක් පැවසු බව 2016 ජූලි 08 ඉකොනොමික්ස් නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කළේ ය.
එක් තැනක සිට තවත් තැනකට පහසුවෙන් ගමන් කළ හැකි සහ අපනයනය සඳහා නිෂ්පාදන ප්‍රවාහනය කළ හැකි ව්‍යුහයක් නිර්මාණය කිරීම වැදගත් වන බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය සභාපති වෙන්සායි සැහැංග් තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිනි අවස්ථාවේ දි මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බව එහි වැඩිදුරටත් සඳහන් ය. අවසානයේ ආර්ථික කොරිඩෝවක් සහතික කිරීමට පරිවහන කොරිඩොවක් සහ වෙළඳ කොරිඩෝවක් අවශ්‍ය බව ඔහු මෙහි දී පෙන්වා දී තිබේ.
අධිවේගි මාර්ගයක් වැනි අවශ්‍ය පසුතල පහසුකම් සහ ඒ අතර ඇති කාර්මික පොකුරු මධ්‍යථානවල උපකාරය ආසන්න නගරවලට ලබාදෙන්නේ කෙසේද යන්න තම අධ්‍යනයන් මගින් සොයා බැලෙන බව මෙහි දි ඔහු අවධාරණය කර ඇත.
රටේ විවිධ පලාත්වල අපනයන කලාප 14ක් පිහුටුවීම සහ ඒවා ඉතා පහසුවෙන් අපනයනය කළ හැකි ආකාරයට මාර්ග පද්ධතිය එකිනෙකට සම්බන්ධ කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇති බව ද ඔහු පැවසු බව වැඩිදුරටත් එහි සඳහන් ය. ඔහු නුවර කළ සංචාරයක දී මෙහි ඇති සක්‍යතාවය දුටු බවත්, නමුත් එම අපනයන කොළඹට ලගාවන්නේ කෙසේ ද යනුවෙන් ප්‍රශ්න කර ඇති අතර ගමනා ගමන පහසුකම් වැඩි දියුණු වන්නේ නම් සංචාරකයින් ආකර්ෂණය වන බව දි ඔහු මෙහි දි පෙන්වා දී තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *