අගින් නොවෙයි මුලින් ගන්න – අනුර කේ එදිරිසූරිය 

පසුගිය දා රට පුරා සිදු වූ ගිනි තැබීම් සහ දේපළ හානි වලට වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලිසිය මහත් උනන්දුවකින් කටයුතු කරමින් සිටින බව පෙනේ. නීතිය අතට ගෙන ක්‍රියා කිරීම මෙන්ම මහජන දේපළ සහ පෞද්ගලික දේපළ වලට හානි සිදුකිරීම වරදකි. එවැනි ක්‍රියා අනුමත කළ නොහැකි අතරම ඒවාට සම්බන්ධ  තැනැත්තන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වරදක් කිව හැකි වන්නේ ද නැත.

පසුගිය කලබලකාරී තත්ත්වයට සම්බන්ධ පාර්ශ්ව දෙකකි.එක් පිරිසක් වන්නේ එම සිදුවීම් මාලාවට ආරම්භය සපයමින් , අරලියගහ මන්දිරය අසල මයිනා ගෝ ගමට සහ ඉන් පසුව ගෝල්ෆේස් පිටියේ ගෝඨා ගෝ ගමට ප්‍රහාර එල්ල කළ මැර කණ්ඩායමය. අනෙක් පිරිස, එකී ප්‍රහාරය නිසා කුපිතව කළහකාරී ලෙස හැසිරුණු පිරිසය.

මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට පහර දුන්නේ පොහොට්ටුවේ දේශපාලන බලවතුන් සහ ඔවුනට සම්බන්ධ කණ්ඩායම් බවට මේ වන විට ඇති තරම් සාක්ෂි තිබේ. ප්‍රහාරය සඳහා පිරිස පොළඹවන ආකාරයේ කතා පවත්වන ලද්දේ කවුරුන්ද , ප්‍රහාරයට ඍජුවම දායක වූවෝ කවරහුද , ප්‍රහාරකයන්  සමග සුහදව හැසිරුණු පොලිස් නිලධාරින් කවුරුන්ද යන වග ඔප්පු කළ හැකි ඡායාරූප සහ වීඩියෝ පටද අවශ්‍ය තරමට සමාජ ගතව තිබේ. ගෝල්ෆේස් සහ මයිනා ගෝ ගම ප්‍රහාරකයන් සමග ගැවසුණු සහ ඒවාට ඍජුවම දායක වූ බව කියැවෙන සනත් නිශාන්ත නමැති පොහොට්ටුවේ දේශපාලන බලවතා සැඟව සිටින ස්ථානය සම්බන්ධ තොරතුරු පවා පසුගිය දා  ඡායාරූප සහිතව සමාජගත කර තිබුණු නමුත් ඔහු සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රශ්න කිරීමක් වැනි අවම මට්ටමේ නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ගෙන නැත. ඒ අනුව පැහැදිලි වන්නේ දැනට කෙරෙන අත්අඩංගුවට ගැනීම් කෙරෙන්නේ මුල අතහැර අගින් පමණක් බවය. එනම් විනාශයට මුල් වූ තැනැත්තන් අතහැර පසුව ක්‍රියාත්මක වූ තැනැත්තන් කෙරෙහි පමණක් නීතිය ක්‍රියාත්මක වන බවය.

මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට පහර දුන්නේ පොහොට්ටුවේ දේශපාලන බලවතුන් සහ ඔවුනට සම්බන්ධ කණ්ඩායම් බවට මේ වන විට ඇති තරම් සාක්ෂි තිබේ. ප්‍රහාරය සඳහා පිරිස පොළඹවන ආකාරයේ කතා පවත්වන ලද්දේ කවුරුන්ද , ප්‍රහාරයට ඍජුවම දායක වූවෝ කවරහුද , ප්‍රහාරකයන්  සමග සුහදව හැසිරුණු පොලිස් නිලධාරින් කවුරුන්ද යන වග ඔප්පු කළ හැකි ඡායාරූප සහ වීඩියෝ පටද අවශ්‍ය තරමට සමාජ ගතව තිබේ. ගෝල්ෆේස් සහ මයිනා ගෝ ගම ප්‍රහාරකයන් සමග ගැවසුණු සහ ඒවාට ඍජුවම දායක වූ බව කියැවෙන සනත් නිශාන්ත නමැති පොහොට්ටුවේ දේශපාලන බලවතා සැඟව සිටින ස්ථානය සම්බන්ධ තොරතුරු පවා පසුගිය දා  ඡායාරූප සහිතව සමාජගත කර තිබුණු නමුත් ඔහු සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රශ්න කිරීමක් වැනි අවම මට්ටමේ නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ ගෙන නැත.

අලුත්ම තොරතුර වන්නේ , ගෝල්ෆේස් සහ මයිනා ගෝ ගම ප්‍රහාරකයන්ට අනුබල දෙන පිළිවෙතක පිහිටා පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා  කටයුතු කර ඇති බවට නැඟෙන චෝදනාවය. එනම් , ගෝල්ෆේස් ප්‍රහාරයට පැමිණෙන පිරිසට බාධා නොකළ යුතුයැයි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා දැණුම් දී ඇති බව දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පොලිසියේ වෙනත් නිලධාරින් දෙදෙනකුට දන්වා එම නිලධාරින් ඒ බවට ලොග් සටහන් තබා තිබේය යන්නය. එම ලොග් සටහන් විනාශ කිරීමේ සැලැස්මක් පවතින බවද තොරතුරු හෙළිකරන පාර්ශ්ව කියති. ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුදැනුම මත පොලිසියේ සහයෝගය ඇතිව සාමකාමී උද්ඝෝෂණයකට පහර දී රටපුරා භීෂණකාරී තත්වයක් ඇතිවන්නට සහ ජීවිත සහ දේපළ හානි  සිදුවන්නට අවශ්‍ය පරිසරය සකස්කර තිබේ යන චෝදනාව සරලව ගත හැකි නොවේ.

ඉහත තොරතුර සත්‍ය විය හැකිය යන මතය තහවුරු කෙරෙන, ප්‍රහාරයට සම්බන්ධ පිරිස සහ දේශබන්දු තෙන්නකෝන් මහතා සුහදව සිටින ආකාරය නිරූපණය වන ඡායාරූප ද සමාජ ගතව තිබේ.මෙවැනි වටපිටාවක වහාම කළ යුතු වන්නේ අදාළ නිලධාරින් දෙදෙනා එනම් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සහ දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරවලින් ඉවත් කොට පරීක්ෂණ ආරම්භ කිරීම වුව මෙතෙක් එවැන්නක් සිදුව නැත. මානව හිමිකම් කොමිසමට දේශබන්දු තෙන්නකෝන් මහතා කැඳවනු ලැබූ නමුත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආදිය දේශබන්දු මහතා කෙරෙහි නිහඬය. ගෝල්ෆේස් ප්‍රහාරයට අනුබලය සහ උත්තේජනය සැපයූ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමැතිවරයා වැනි තැනැත්තන්  සම්බන්ධයෙන් වුවද කිව හැක්කේ එයමය.

ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන්නේ එක පාර්ශ්වයකට බරතබන ආකාරයෙන් බව ඒ අනුව පැහැදිලිය. ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ දේශපාලන බලවතුන් සහ වගකිවයුතු නිලධාරින් සම්බන්ධයෙන් නීතිය නිහඬය.ඔවුන් නිරුපද්‍රිතව සිටින අතර ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු බව කියන සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. දේශපාලකයන්ගේ දේපළවලට හානි කළ තැනැත්තන් සොයන්නට සීසීටීවී කැමරා පරීක්ෂා කරන්නට පොලිසියට ඇති උනන්දුව ගෝල්ෆේස් පිටියේ උද්ඝෝෂකයන්ගේ කූඩාරම් ඇතුළු දේපළ විනාශය දැක්වෙන කැමරා පරීක්ෂා කරන්නට නැත.

ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන්නේ එක පාර්ශ්වයකට බරතබන ආකාරයෙන් බව ඒ අනුව පැහැදිලිය. ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ දේශපාලන බලවතුන් සහ වගකිවයුතු නිලධාරින් සම්බන්ධයෙන් නීතිය නිහඬය.ඔවුන් නිරුපද්‍රිතව සිටින අතර ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලුණු බව කියන සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. දේශපාලකයන්ගේ දේපළවලට හානි කළ තැනැත්තන් සොයන්නට සීසීටීවී කැමරා පරීක්ෂා කරන්නට පොලිසියට ඇති උනන්දුව ගෝල්ෆේස් පිටියේ උද්ඝෝෂකයන්ගේ කූඩාරම් ඇතුළු දේපළ විනාශය දැක්වෙන කැමරා පරීක්ෂා කරන්නට නැත.

දේශපාලකයා ගේ දේපළ දේපළ වන නමුත් අරගල කරන්නන්ගේ කූඩාරම එසේ නොවේ. දේශපාලකයාට නීතියේ රැකවරණය ඇතත් අරගල කරන්නන්ට නැත. ගෝල්ෆේස් ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන් සොයා ඡායාරූප පරීක්ෂා කරන්නට ද පොලිසිය උනන්දු  නැත. මේ තත්ත්වය නීතියේ සමානත්වය සහ පොලිසියේ ස්වාධීනත්වය පිළිබඳ බරපතළ ගැටලු මතුකරන්නට හේතුවකි. එසේම , මහජන මුදලින් යැපෙන මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු පොලිසිය  මහජන අයිතිවාසිකම් කඩකරනු ලැබූ දේශපාලකයන් පිරිසකගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් පමණක් පෙනීසිටින බවට මෙය සාක්ෂියකි. පොලිසිය, ආරක්ෂක අමාත්‍යංශය සහ නීතිය ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන් නම් ඉන් ගෝඨා ගෝ ගම අරගලයේ නියුතු තරුණ පිරිස අතිශය සාධාරණ බව නැවත නැවතත් ඔප්පු වේ. ඊළඟ දිනයේ පාර්ලිමේන්තුව රැස්වන විටදීත්(  ජනතාව වෙනුවෙන්? ) තීන්දු තීරණ ගන්නට රැස්වන පිරිස අතර නීතිය කඩමින්, සාමකාමීව විරෝධය දක්වන්නට ජනතාව සතු අයිතිය කඩකරමින් එමගින්ම මානව හිමිකම් උල්ලංඝනය කරමින් හැසිරුණු පිරිස නිරුපද්‍රිතව සභාවේ සිටිනු දකින ජනතාව මේ පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසය තබනු ඇතැයි සිතන්නේ නම් ඒ තරම් මුළාවක් තවත් නැත.

මේ තත්වය යනු අගමැති වෙනස් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ ඔළුගෙඩි මාරු කිරීමෙන් විසඳිය හැකි ගැටලුවක් නොවේ. හේතුව මෙය ආණ්ඩුව ඇතුළුව පාලකයන්, නිලධාරින් පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට සම්බන්ධ ප්‍රශ්නයක් වීමයි.

මේ තත්වය යනු අගමැති වෙනස් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ ඔළුගෙඩි මාරු කිරීමෙන් විසඳිය හැකි ගැටලුවක් නොවේ. හේතුව මෙය ආණ්ඩුව ඇතුළුව පාලකයන්, නිලධාරින් පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටීමට සම්බන්ධ ප්‍රශ්නයක් වීමයි. 

පසුගිය දා ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී කළහකාරී සිදුවීම් වලක්වා නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දේශපාලකයන් ගෙන් චෝදනා එල්ල වූ බව කියැවෙන නමුත් ඒ විරෝධය රටේ පොදු නීතිය බිඳ වැටීම සම්බන්ධයෙන් නොව දේශපාලකයන්ගේ පෞද්ගලික දේපළ ආරක්ෂා කර නොදීම සම්බන්ධයෙන් වන චෝදනාවකි. මෙරට දේශපාලකයන්ට ජනතාවට  වඩා වැදගත් වන්නේ තම තමන්ගේ පෞද්ගලික  යහ පැවැත්ම බව ඒ අනුව පවා පැහැදිලි වේ.

ඊළඟ පාර්ලිමේන්තු වාරයට පෙර ගෝල්ෆේස් ප්‍රහාරයට සම්බන්ධ තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ ද නැතිනම් , කඩු පොලුවලින් ගසා සාමකාමී අරගලය කුඩුපට්ටම් කරන්නට උත්සාහ කළ පිරිස නිරුපද්‍රිතව පාර්ලිමෙින්තුවේ අසුන් ගන්නේ ද යන්න මත රනිල් වික්‍රමසිංහ මහතා ගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ සුජාතභාවය ද තීරණය කෙරෙනු ඇත. ගෝල්ෆේස් ප්‍රහාරය⁣ට සම්බන්ධ වූවන්ට නීතිය නිසි පරිදි ( ජනතාව රැවටීමට කෙරෙන්නන් වාලේ නොවේ. ) ක්‍රියාත්මක කරවීම ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය යම් පමණකින් හෝ ගොඩනැඟීමට හේතු විය හැකි නමුත් පවතින රාමුව තුළ එවැන්නක් බලාපොරොත්තු වීම උගහටය.

 අනුර කේ එදිරිසූරිය

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *