‘අර්බුදයට විසඳුම නායකයන්ගේ උඩඟුකම බිම තැබීමයි‘ – හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම


 

රටේ දීගුකාලීන ස්ථාවරත්වයක් ඇති කළ හැක්කේ රට ගැන සිතන, පවූලකට කේන්ද්‍ර නොවූ, තරුණ පරම්පරාවේ අනාගතය ගැන සිතන සහ චෞරයන් නොවූ දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය වෙනූවෙන් පෙනී සිටීමෙන් පමණක් යැයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

වර්තමානය බලකර සිටින්නේ ළදරුවන් නොවූව ද දේශපාලනය ‘අ’ යන්නෙන් නැවත පටන්ගත යූතුව ඇති බව යැයි ද අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ රටේ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

රට මූහූණ දී තිබෙන දැඩි ආර්ථික අර්බුදය විසඳීමේ පළමූ පියවර විය යූත්තේ, පොහොට්ටූවේ සහ සමඟි ජන බලවේගයේ නායකයින් වසර දෙකකට ආසන්න කාලයක් ආභරණයන් සේ රැකබලාගත් උද්දච්ඡකම, උඬගුකම සහ ආත්මාර්ථකාමීබව පසෙකින් තැබීම බව ද හෙතෙම කීවේය.

ජනතාව දැවෙන, පිළිස්සෙන මේ පැයේ දී සියළු දේශපාලඥයින් තම සංවාදයන් කේන්ද්‍ර කළ යූත්තේ  ර්‍ණකුප්‍රකට 113” ගැන නොව මිලියන විසිදෙකක ශ්‍රී ලාංකිකයින් පිළිබඳව බව ද හිටපු ඇමතිවරයා පැවසීය.

රට වැහැරෙන පැයක දී පක්ෂයේ වහලෙක් නොවී, පොදූ ජනතාව කබලෙන් එළියට ගැනීමට හැකි සෑම සහයෝගයක්ම ලබාදීම තම ප්‍රතිපත්තිය බව කී ඩලස් අලහප්පෙරුම මහතා  ”පොහොට්ටුව” ප්‍රමූඛ පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ද සිටින අති බහූතරයකගේ ද හෘද සාක්ෂියේ දෝංකාරය ද එයම වන බව ප්‍රකාශ කළේය.

(ඩයනා උදයංගනී)

ලංකාදීප

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *