බල ශක්ති ප්‍රශ්නය ඉදිරි සතියේ විසඳන්න විකල්ප මාර්ග වලින් ඩොලර් සොයනවා – අගමැති රනිල් කියයි

රට මුහුණ දී සිටින බලශක්ති ප්‍රශ්නය විසඳීම සඳහා  ඉන්ධන මිල දී ගැනීමට බැංකු සතුව ඩොලර් නොමැති බැවින් විකල්ප මාර්ගවලින් ඩොලර් සපයාගැනීමට ක්‍රියා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළේය.

රටේ ආර්ථික තත්ත්වය පිලිබඳ මේ වනවිට අධ්‍යයනය කොට අවසන් බවත්, ඒ පිලිබඳ වාර්තාවක් හෙට දිනයේ ලබාදෙන බවත්, ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ආධාර ආයතන නියෝජිතයින් සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අගමැතිතුමා මේ අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *