විමල්, වාසු, ගම්මන්පිල ඇතුළු පක්ෂ 10 සහයත් රනිල්ට ; හෙට (16) උදේ දහයට හමුවෙති

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවට සහය දීමට විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල මහත්වරුන් නායකත්වය දෙන පක්ෂ 10 කණ්ඩායම තීරණය කොට ඇති අතර ඒ පිලිබඳ වැඩි දුර සාකච්ඡාවක් සඳහා එම පක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් හෙට (16) උදේ 10.00 ට පැවැත්වෙන බව වාර්තා වෙයි.

මෙම පක්ෂ මුලින් රනිල් වික්‍රමසිංහ මහතගේ පත්වීම විවේචනය කරමින් යහපත් දේට පමණක් සහය දෙන බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මෙම කණ්ඩායමට ලැබුණු ආරාධනයක් මත අද සවස රැස් වූ පක්ෂ 10 නායකයින් තීරණය කළේ වික්‍රමසිංහ මහතාට සහය දීම සම්බන්ධයෙන් වැඩි දුර සාකච්ඡාවක් සඳහා හෙට උදේ හමු වී සාකච්ඡා කිරීමට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *