ඊළඟට ගෝල්ෆේස් – අනුර කේ එදිරිසූරිය 

 

රටේ දේශපාලනය මේ මොහොතේ පවතින්නේ පුරෝකතනය කිරීමට ඉතාම අසීරු තත්ත්වයකය. දිනෙන් දිනම නො සිතන වෙනස්කම් සිදුවේ. එවැනි තත්ත්වයක් තුළ ගාලු මුවදොර අරගලය කවර දිසාවකට ගමන් කරනු ඇතිද යනු කාගේත් සිත්වල පවතින ගැටලුවකි.

රනිල් වික්‍රමසිංහ මහතා ගේ පැමිණීම විසින් කණ්ඩායම් කිහිපයක් අරගලයෙන් ඉවත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ඉන් එක පිරිසක් වන්නේ මෙතෙක් ගෝල්ෆේස් අරගලයට ක්‍රියාකාරී ලෙස සහය පළකළ සහ අනුග්‍රහය දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිරිස සහ එක්සත් ජාතික පාක්ෂික පිරිසය. පොහොට්ටුව පිළිබඳ දැඩිතර විරෝධයක් දක්වන ඉහත පිරිසෙන්  කොටසක් අරගලය සමඟ රැඳෙණු ඇති නමුත් ඉතිරි පිරිස ඉන් ඉවත් වනු ඇතැයි හෝ උදාසීන වනු ඇතැයි අනුමාන කළ හැකිය. ඒ ආකාරයෙන් හැසිරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි අනෙක් කාණ්ඩය ව්‍යාපාරික සහ වෙළෙඳ ප්‍රජාවය. ඊට හේතුව එකී පිරිසට වික්‍රමසිංහ මහතා ගේ ආර්ථික ක්‍රියා පිළිවෙත පිළිබඳ විශ්වාසයක් පැවතීමය. සාමාන්‍ය පොදු ජනතාව වුව  සිදුවෙමින් පවතින ක්‍රියාවලිය සහ අරගලය අතර දෝළනය වන ස්වභාවක් මතු වන්නට පුළුවන.

ඒ ආකාරයෙන් හැසිරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි අනෙක් කාණ්ඩය ව්‍යාපාරික සහ වෙළෙඳ ප්‍රජාවය. ඊට හේතුව එකී පිරිසට වික්‍රමසිංහ මහතා ගේ ආර්ථික ක්‍රියා පිළිවෙත පිළිබඳ විශ්වාසයක් පැවතීමය. සාමාන්‍ය පොදු ජනතාව වුව  සිදුවෙමින් පවතින ක්‍රියාවලිය සහ අරගලය අතර දෝළනය වන ස්වභාවක් මතු වන්නට පුළුවන. 

ගෝල්ෆේස් අරගලය යනු ගෑස් ප්‍රශ්නය ඉන්ධන ප්‍රශ්නය ආදි එදිනෙදා ජනතාව මුහුණ දෙන ගැටලු කේන්ද්‍ර කරගත් සටනක් නොවේ. ගෝඨා ගෝ හෝම් යන සටන්පාඨය මගින්ම පැහැදිලි වන්නේ එකී ගැටලු ඉක්මවා ගිය පුළුල් ප්‍රජාතාන්ත්‍රික වෙනසක් එමඟින් අපේක්ෂා කරන්නේය යන්නය. ඔවුන්ගේ වචනයෙන් ඒ සිස්ටම් චේන්ජ් එකකි. එසේ වුව , ජීවන වියදම ආදි ගැටලුවල බලපෑම හේතුවෙන් අරගලයට සම්බන්ධ වූ සහ සහයෝගය දුන් පිරිසක් ද සිටිති.

රනිල් වික්‍රමසිංහ මහතා ගේ සම්ප්‍රාප්තිය ඒ පිරිසට යම් බලාපොරොත්තු සහගත හැඟීමක් දනවන්නට හේතුවන්නට පුළුවන. යම් හෙයකින් ගෑස් , ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය යම් පමණකින් හෝ ලිහිල් කරන්නට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වුව හොත් ගෝල්ෆේස් අරගලයෙන් කොටසක් හැලී යාමට සහ හෝ නිශ්ක්‍රිය වීමට එය බලපානු ඇත. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නකු ලෙසත් ලිබරල් වාදියකු ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇති පිළිගැනීමද අරගලය කෙරෙහි බලපාන බවට සැකයක් නැත. ගෝඨා ගෝ ගම අරගලය දිගටම පැවතිය යුතුය;  අරගලයට පහසුකම් සැපයිය යුතුය යනු රනිල් වික්‍රමසිංහ මහතා ගේ මතයයි. එකී පිළිවෙත රජයේත් පිළිවෙත වුවහොත් ( එසේ වන්නට ඇති ඉඩකඩ අතිශය අල්පය ) අරගලය සතුරකු නොමැති තත්ත්වයකට පත්වේ.එවැනි වටපිටාවක අරගලය පවත්වා ගෙන යාම පහසු වන්නේ නැත. අරගලය පිළිබඳ සොයා බලන්නට වික්‍රමසිංහ මහතා පත් කළ කමිටුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වලින් එල්ල වන විරෝධයට එක් හේතුවක් වන්නේ ද එය බව උපකල්පනය කළ හැකිය. (ගෝල්ෆේස් අරගලයේ ඉල්ලීම් ඉටු කරන්නට රනිල් වික්‍රමසිංහ මහතාට සැබෑ වුවමනාවක් නැත; ඔහුගේ උත්සාහය රාජපක්ෂවරුන් ගලවා ගැනීම ය යන මතය සහ පිළිගැනීමද වික්‍රමසිංහ කමිටුවට සමාජ මාධ්‍ය විරෝධය එල්ල වීමට හේතුවකි.)

අලුත් වැඩපිළිවෙළට ඉඩ දී බැලිය යුතුය යන මතයක් ද ඒ අතර පවතී. අරගලය මේ මොහොතේ තීව්‍ර කළ හොත්, මට වැඩක් කරන්නට ඉඩ දුන්නේ නැත යන චෝදනාව අරගලකරුවන්ට එල්ල කරන්නට වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබේ. රනිල්ට වැඩක් කරන්නට දුන්නේ නැත යන චෝදනාව සමාජයෙන් අරගලයට එල්ල වන්නට ද ඉඩ තිබේ. අඛණ්ඩ වැඩ වර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති වලට නැවත සිතන්නට සිදු වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

කවර තත්ත්වයක් යටතේ වුව ගෝඨා ගෝ යනු හුදෙක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීමෙන් හෝ ඔහුගේ ආර්ථික පිළිවෙත ( පල දැරුවද ) මගින් හෝ සංතර්පණය කළ හැකි ඉල්ලීමක් ද නොවේ. එය විධායකය අහෝසි කිරීම, මහජන නියෝජිතයා ගේ පාරිශුද්ධ භාවය , සමාජ සාධාරණත්වය.නීතියේ සමානාත්මතාව ආදි පුළුල් පරාසයක විහිදුණු ඉල්ලීම් මාලාවකි. රනිල් වික්‍රමසිංහ මහතා ගේ පැමිණීම විසින් සටනට තීරණාත්මක අභියෝග කිහිපයක් එල්ල කරනු ඇති නමුත් සහ එහි පැවැත්ම පිළිබඳ ගැටලුවක් ද ඇති කරනු ඇති නමුත් එය නිෂේධනය කිරීමක් සිදු නොවන බව ඒ නිසා පැහැදිලිය.

කවර තත්ත්වයක් යටතේ වුව ගෝඨා ගෝ යනු හුදෙක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීමෙන් හෝ ඔහුගේ ආර්ථික පිළිවෙත ( පල දැරුවද ) මගින් හෝ සංතර්පණය කළ හැකි ඉල්ලීමක් ද නොවේ. එය විධායකය අහෝසි කිරීම, මහජන නියෝජිතයා ගේ පාරිශුද්ධ භාවය , සමාජ සාධාරණත්වය.නීතියේ සමානාත්මතාව ආදි පුළුල් පරාසයක විහිදුණු ඉල්ලීම් මාලාවකි. රනිල් වික්‍රමසිංහ මහතා ගේ පැමිණීම විසින් සටනට තීරණාත්මක අභියෝග කිහිපයක් එල්ල කරනු ඇති නමුත් සහ එහි පැවැත්ම පිළිබඳ ගැටලුවක් ද ඇති කරනු ඇති නමුත් එය නිෂේධනය කිරීමක් සිදු නොවන බව ඒ නිසා පැහැදිලිය.

නිදසුනක් වශයෙන් අනාගතයේත් ආයෝජකයන් කැඳවා ගැනීම යන්නෙන් අදහස් වන්නේ රාජ්‍ය දේපළ කුණු කොල්ලයට සහ කොමිස් මුදලට ව්‍යාපාරිකයන්ට පැවරීම නම් ගෝඨා ගෝ ගම පැවතීම අත්‍යවශ්‍ය වන අතර ඊට ජන සහභාගිත්වය සහ අනුග්‍රහය ද ලැබෙනවා ඇත. ඊළඟ කාරණය අලුත් ආණ්ඩුවේ සංයුතිය යි. දැනට පවතින තත්ත්වය වන්නේ විපක්ෂය ආණ්ඩුවේ වගකීම් බාර නොගන්නේය යන්නය. එසේ වන්නේ නම් වික්‍රමසිංහ මහතා ගේ ආණ්ඩුව සමන්විත වන්නේ පොහොට්ටුවේ පිරිසකින් මය. එවිට ඊළඟ ආණ්ඩුව අලුත් බෝතලයේ පිරවූ පරණ වයින් බවට පත්වේ.

පොලිසිය බාරව කටයුතු කරමින් ගෝල්ෆේස් ප්‍රහාරය පමණක් නොව  පොහොට්ටුවේ පිරිසට එල්ල වූ ප්‍රහාරය පවා වළක්වා ගන්නට අසමත් වූ ප්‍රසන්න රණතුංග අලුත් කැබිනට්ටුවේ නියෝජනය වීම ජනතාව තේරුම් ගනු ඇත්තේ යහපත් ප්‍රවනතාවක් වශයෙන් නොවේ. විපක්ෂයේ කොටසක්  සම්බන්ධ කර ගන්නට ආණ්ඩුව  සමත් වුවද ඔවුන්, දූෂිතයන් යැයි ජනතාව හඳුනා ගත් පිරිසක් නම් ගෝල්ෆේස් අරගලය තව දුරටත් පැවතීම සාධාරණීකරණය වනු ඇත. පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව අනුමාන කළ හැකි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා කොයි ආකාරයේ තේරීමකට ගියා වුව 100% නොව 50%වත් ජනතාවගේ අනුමැතිය හිමිකර ගත හැකි පිරිසකගෙන් සමන්විත කැබිට්ටුවක් පත්කර ගැනීම අසීරු වනු ඇති ය යන්නය. වරප්‍රසාද ආදිය සම්බන්ධයෙන්  අලුතින් පත්වන පිරිස  දරන මතය කුමක් වනු ඇත්ද? යහ පාලන කාලයේ වික්‍රමසිංහ මහතා අගමැතිව සිටියදී ජනතාවගේ විවේචනයට සහ විරෝධයට ලක්වූ වික්‍රමසිංහ මහතා ගේ හිතවතුන්ට අලුත් ආණ්ඩුව සහ පරිපාලන ව්‍යුහය තුළ ඉඩක් ලැබෙන්නේද නොලැබෙන්නේද දූෂණ චෝදනා වලින් තොර පිරිසක් කවර ආකාරයෙන් හෝ ආණ්ඩුවට කැඳවා ගන්නට වික්‍රමසිංහ මහතා සමත් වේද යන කරුණු විසින් ගෝඨා ගෝ ගමේ තාවකාලික පසුබෑමක් සිදු වුව ද එහි අනාගත පැවැත්ම අවශ්‍යතාව සහ ඊට ලැබෙන ජන සහයෝගය , සහභාගිත්වය  තීරණය වනු ඇත.

අනුර කේ එදිරිසූරිය

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *