සජබෙන් මහින්දට ගිය හතරක් යළි එයි

පසුගිය කාලයේ සමගි ජන බලවේගයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගය ලබාදුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු මහින්ද ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු නැවතත් සමගි ජන බලවේගයට එක් වී ඇති බව වාර්තා වෙයි.

ඔවුන් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී සමගි ජන ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසී තමන් නව එන බව බව දැනුම් දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්,ෆයිසල් කාසීම් යන මහත්වරුන් සහ  සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු මෙලෙස සමගි ජන බලවේගය සමග යළි එක්ව තිබේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේ මෙම මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුව සමග එක්වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *