ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විධිමත් සැලැස්මක් ක්‍රියාවට නගනවා – අගමැති රනිල් වික්‍රමසිංහ

 

රට මුහුණ දී සිටින  ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ මිත්‍ර රටවල සහයෝගයෙන් විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

එසේම මෙම අභියෝගාත්මක අවස්ථාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ලබා දීම සදහා අකමැත්තෙන් වුව ද මුදල් මුද්‍රණය කිරීමට සිදුවන බවත් අගමැතිවරයා කියා සිටියේ ය.

BBC සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ ශ්‍රී ලාංකිකයින්ට  කුසගින්නේ සිටීමට  ඉඩ නොතබන බව බවයි.

ආර්ථික අර්බුදයට ලබාදෙන විසඳුම් සම්බන්ධයෙන් ද එහිදී අදහස් පළ කෙරුණි. ආහාර හිඟයක් ඇති නොවීමටත්, ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ වැඩපිළිවෙළක් ඇති කිරීමටත් මෙහිදී අවධානය යොමු විය. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියා සිටියේ, ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් තමා මීට පෙර අග්‍රාමාත්‍ය ධූරය දරන කාලයේදී ද විශේෂ අවධානයක් යොමු කළ බවයි.

එය අභියෝගයක් වුව ද ඊට මුහුණ දීමට සූදානම් බව අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේය. ආර්ථික ගැටලුව විසඳා කුසගින්න පළවා හැරීමට විදෙස් රටවල සහය ලබාගන්නා බවත් මෙහිදී සඳහන් කෙරුණි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *