රනිල් අගමැති කරන්නැයි කීවේ ස්වාධින කණ්ඩායමයි – ජනපති කියයි

 

 

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධුරය ලබාදීම තමාගේ තනි තීරණයක් නොවන බවත්, එම යෝජනාව ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ කණ්ඩායම ඇතුළු විවිධ පිරිස් වලින් ඉදිරිපත් වූ බවත්, ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ප්‍රකශ කළ බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ දී පොදුජන පෙරමුණේ මන්ත්‍රී පිරිසක් හමුවේ ජනාධිපතිතුමා අද මෙම ප්‍රකාශය සිදුකොට තිබේ.

විපක්ෂ නායක සජිත්ට අගමැතිකම භාර ගැනීමට තමන් ආරාධනා කළේ සතියකට පෙර බවත්, ඔහු එය ප්‍රතික්ෂේප කරමින් සිටි බවත්, ජනාධිපතිතුමා පවසා ඇත.

අගමැති ධුරය සජිත් භාර නොගන්නේ නම් එය රනිල්ට ලබාදෙන ලෙස ආණ්ඩුවෙන් ඉවත් වූ පිරිස ඇතුළු පාර්ශව ගණනාවක් තමන්ට ප්‍රකාශ කළ බව ජනාධිපතිතුමා කියයි.

කෙසේ වෙතත්, රනිල්ට අගමැතිකම ලබාදීමට එකඟවීමත් සමග සජිත් ප්‍රේමදාස මහතා මුල් ස්ථාවරය වෙනස් කොට අගමැති ධුරය භාරගැනීමට ඉදිරිපත් වී ය. ඒ වනවිට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීමට සියල්ල සැලසුම් කොට අවසන්ව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *