සජිත් යලිත් අනාථයි ; රනිල්ට විරුද්ධ වෙන්න අනෙක් පක්ෂ බැහැ කියයි.

 

 

පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය ඇත්තේ තමන්ට බව මේ වනතෙක් කියමින් සිටි සමගි ජන බලවේගය නව ආණ්ඩුව පෙරලීමට සහය නොදෙන බව අනෙක් පක්ෂ ප්‍රකාශ කිරීමත් සමග යලිත් අනාථ වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

සමගි ජන බලවේගයේ රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ 113 ඇත්තේ තමන්ට බව යි. ඒ විපක්ෂයේ පක්ෂ , ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 ,ස්වාධින වූ මන්ත්‍රීවරුන් ආදී සියලු දෙනා සමගිනි.

මෙයින් පක්ෂ 11 ක් අද ප්‍රකාශ කළේ ආණ්ඩුවට සම්බන්ධ නොවන නමුත් ස්වාධීනව සිටිමින් සහය දෙන බව යි. රට ආරාජික කරන්න ඉඩ නොදෙන බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම පක්ෂ සජිත්ට අගමැතිකම භාරගන්න ලෙස මුලින් කීව ද එම ඉල්ලීම සජිත් එම අවස්ථාවේ ඉවත දැමී ය. ඔහු එයට ඉදිරිපත් වුයේ රනිල්ට අගමැතිකම ලබාදීමට තීරණය කළ පසු එය වැලැක්වීම සඳහා ය. නමුත් කලින් සහය ප්‍රකාශ කළ පක්ෂ මේ වනවිට ස්ථාවරය වෙනස් කොට ඇත්තේ තත්ත්වය වෙනස් වී ඇති හෙයිනි.

ඒ අනුව රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව ඔවුන්ගේ සහය සජබට හිමිවන්නේ නැත.

ආණ්ඩුවෙන් සවාධින වූ මන්ත්‍රී කණ්ඩායම රනිල්ගේ ආණ්ඩුවට සම්බන්ධ වන බව වාර්තා වී ඇත.

දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වී ඇත්තේ නව අගමැති පත්කිරීම ජනාධිපති කළ යුතු කාර්යයක් බව සහ එසේ පත්කරන ආණ්ඩුවට තම සහය දෙන බවයි.

ලංකා කම්කරු කොන්ග්‍රසය සහ තවත් කුඩා පක්ෂ ගණනාවක් ද රනිල් ආණ්ඩුවට සහය දීමට ඉදිරිපත්ව ඇත.

සමගි ජන බලවේගයේ පිරිසක් ද ආණ්ඩුවට සහය දෙනු ඇතැයි කියති.

පක්ෂයක් ලෙස ස්වාධීනව ඉඳිමින් ආණ්ඩුවට සහය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කොට ඇත.

මේ තත්ත්වය යටතේ සජිත් සහ ඔහුගේ කිට්ටු සගයින් පිරිස යලි අනාථ වී ඇති බව දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *