“ගෝටාගෝගම” පිටගම්කරයන් අතට පත්වෙයි !

ගාලු මෝදර “ගෝටාගෝගම” එය මුලින් ආරම්භ කළ නිර්පාක්ෂික කණ්ඩායම්වල ග්‍රහණයෙන් ඉවත්ව මේ වනවිට දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල ග්‍රහණයට නතු වී ඇති බව තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පක්ෂ කණ්ඩායම් කිහිපයක සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු සහ වත්මන් ක්‍රියාකාරීහු දැන් එම අරගලයේ නියමුවන් ලෙස පෙනී සිටින තත්ත්වය පත්ව සිටිති. මේ වනවිට “ගෝටාගෝගම” හිමිකරුවන් බවට පත්ව සිටින එම පිරිස ඒ වෙනුවෙන් මාධ්‍ය සාකච්චා සහ නිවේදන නිකුත්කරන තත්ත්වයේ සිටිති.

ඒ අතර එහි ඇතැම් මුල් සාමාජිකයින් විවිධ චෝදනා නගමින් පලවා හැර ඇති අතර බොහෝ දෙනෙක් එමස්ථානයෙන් ඉවත්ව තම විරෝධතා කටයුතු කරගෙන යාමට පෙළඹී සිටිති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *