අගමැති ලෙස රනිල් පත්වීමත් සමග ඩොලරයේ කළුකඩ මිල රුපියල් විස්සකින් පහළට

 

නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වන බව ප්‍රකාශ වීමත් සමග ඩොලරයේ කළුකඩ මිල අද දිනය තුළ රුපියල් විස්සකින් පහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

අද උදෑසන වන විට එම මිල ඩොලරයට රුපියල් 401සහ 402 වශයෙන් පැවති අතර සවස් වන විට එහි මිල වුයේ ඩොලරයට රුපියල් 381 සහ 382 දක්වා පහළ වැටී තිබිණි.

මෙය ආර්ථිකය ස්ථාවර වීම ආරම්භයක පෙර නිමිත්තක් බව වෙළෙඳපොළ නිරීක්ෂකයෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *