රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කරන්න ලංකා බැංකුවත් සෙට් කරගෙන – මහ මොලකරු ගාමිණී සෙනරත් !

රාජපක්ෂ පවුලේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතිය යටතේ හොල්සිම් ලංකා සමාගම මිලදී ගැනීමේ ලන්සුව සදහා රුපියල් කෝටි 5800ක  ඇපකරය  ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුව හරහා බව තතුදත් ආරංචි මාර්ග කියයි . රාජපක්ෂවරුන්ගේ මුදල් වෙනුවෙන් පෙනීසිටින නන්දන ලොකුවිතාන නැමැත්තා මෙම ඇපකරය ලබාගෙන ඇත්තේ ඔනික්ස් ඉන්ඩස්ට්‍රීස් නමැති සමාගමක් මගිනි . ඒ සදහා ඔහු ඩොලර් මිලියන 200ක් හෙවත් රුපියල් කෝටි 2900ක් ලංකා බැංකුවේ තැම්පත් කොට ඇති බව ද දැනගන්නට ඇත . මෙලෙස රාජ්‍ය බැංකුවක් යොදාගෙන ඇත්තේ කළු සල්ලි පිළිබද සැකය මගහැරීමට බව ද කියති .

හොල්සිම් සිමින්ති සමාගම මිලදී ගැනීමට රාජපක්ෂවරුන් මෙතරම් උනන්දු වන්නේ එමගින් ඉදිරි කාලයේ සිදුකරන සියලු ගනුදෙනු මගීන් කෝටි ගණන් කළු සල්ලි සුදු කිරීමට අවස්ථාව ලැබෙන නිසා බව අපගේ ආරංචි මාර්ග කියයි . තිරය පිටුපස සිට මෙම සියලු ගනුදෙනු සැලසුම් කරන්නේ රාජපක්ෂ පාලනයේ බලවතෙකුව සිටි ගාමිණී සෙනරත් විසින් බවද දැනගන්නට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *