හොල්සිම් ලංකා සමාගම මිල දී ගන්න රාජපක්ෂ පවුලේ ලන්සුව රුපියල් කෝටි 5800 යි !

ස්විට්සර්ලන්ත මවු සමාගම විසින් විකුණා දැමීමට යන හොල්සිම් ලංකා සිමින්ති සමාගම මිල දී ගැනීම සදහා රාජපක්ෂ පවුලේ මුදල් කළමනාකරණය කරමින් ව්‍යාපාරික කටයුතු කරන බව කියන නන්දන ලොකුවිතාන නැමැත්තා ඉදිරිපත් කොට ඇති මිල ඩොලර් මිලියන 400ක් හෙවත් රුපියල් කෝටි 5800ක් බව දැනගන්නට ඇත . ඩුබායිහි මැරියට් හෝටලය ඇතුළු ව්‍යාපාර රැසක් මේ වනවිට මිල දී ගෙන ඇති මොහු වසර ගණනකට පෙර කාර්මික නිලධාරියකු ලේස සේවය කළ අයෙකු බව තතු දත් අංශ කියයි . වසර කිහිපයක් තුල මොහුට මෙතරම් ධනයක් ලැබී ඇත්තේ රාජපක්ෂ පවුලේ මුදල් බවට චෝදනා නැගී ඇත.

මෙම ගනුදෙනුව සිදු වුවහොත් මුදල් විශුද්ධිකරණය යටතේ නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා රජය අනතුරු අගවා ඇති බව ද දැනගන්නට ඇත.

චින සමාගමක් ද ගනුදෙනුව සදහා ඉහළ ලන්සුවක් ඉදිරිපත් කොට ඇති බව කියති . එම ගනුදෙනුව වැළක්වීමේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයක ඉන්දීය රජය යෙදී සිටින බව වාර්තා වෙයි .

ශ්‍රී ලංකාවේ ඉහළම ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසක් ද ගනුදෙනුව සදහා ලන්සු ඉදිරිපත් කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *