විමල් ඇමැති කාලේ රාවණා බළයට වාහන 7ක් දීලා

රාවණා බළකාය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් තම කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ව්‍යාජ ලෙස හඳුන්වා දෙමින් හිටපු ඇමැතිවරයකු වන විමල් වීරවංශ මහතා එම හිමියන්ගේ නම පරිහරණය කිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන හ‍තක් ලබා දී ඇති බව ජනාධිපති පරීක්ෂණ කොමිසම සිදුකළ විමර්ශනයකදී හෙළිදරව් වී ඇත. මේ සම්බන්ධව සිදු කරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් සටහන් කැර ගැනීමට රාවණා බළකායේ කැඳවුම්කරු වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ මෙම 13 වැනිදා කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා ඇත.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සතු වැඩබිම් සඳහා කුලී පදනම මත මෙම වාහන ලබාගෙන තිබෙන්නේ රාජගිරිය ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන කාන්තාවකගෙන්ය.

කුලී පදනම මත ආයතන සඳහා ලබාගන්නා වාහන පිටස්තර අයට ලබාදීමට හැකියාවක් නොමැති බව විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

මෙම ස්වාමීන් වහන්සේට සංස්ථාවේ වාහන පරිහරණය සඳහා ලබා ගැනීමට හැකියාවක් නොමැති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

කමනි අල්විස් – දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *