පරාජයට පත් කළ ඒකාධිපති, බලවේගවලට යළි බලයට එන්න ඉඩ දෙන්නෙ නෑ – චන්ද්‍රසේන විජේසිංහ – පුරවැසි හඬ

අපේ රටේ නිර්මාණය වෙච්ච ඒකාබද්ධ විපක්‍ෂය කියන කණ්ඩායම බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයාගෙ නායකත්වයෙන්, නව බලවේගයක් පහුගිය දවසක බදුල්ලෙන් ආරම්භ වූ බවට පුවත් පළ වුණා. සිවිල් සමාජ ව්‍යාපාරයක් විදිහට, ඒ ඒ දේශපාලන පක්‍ෂ සංවිධානවල කටයුතුවලට මැදිහත් වෙන්න අපේ සූදානමක් නෑ. ඔවුන් පක්‍ෂ අභ්‍යන්තරයේ ඇතිකරගන්න වෙනස්කම් වලට අපි ඇ`ගිලි ගහන්න යන්නෙ නෑ. ඒවා ඒ ඒ දේශපාලන පක්‍ෂ ගන්න තීන්දු තීරණ. එක දෙයක් කිවයුතුයි. පහුගිය කාල පරිච්ෙඡ්දයේ මේ රටේ සිදුවෙච්ච දුෂණ, අක‍්‍රමිකතාවන්ට වගකිවයුතු දුෂිතයින් රැුලක් තමයි මේ ගොනුවෙමින් යන්නෙ.

මට මතකයි ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යතුමා පහුගිය ජනවාරි 8 පෙරළිය සිදුවුණාට පස්සෙ ප‍්‍රකාශයක් කරනව. ඒ තමයි ‘‘අපි කාත් එක්කද හිටියෙ කියන එක තේරුණේ අපේ සුදු ඇඳුම්වල මැක්කො දුවනව දකිනකොටයි’’ කියන එක. අපි අද ඩලස් අලහප්පෙරුම මහතාගෙන් අහනව දැන් ඒ වැටහීමට මොකද වුනේ කියල? මේ ගොනුවෙච්ච පිරිස මොකක්ද මේ කරන්න යන්නෙ? මේ රට ප‍්‍රතික්‍ෂේප කරපු ඒ නග්න ඒකාධිපති පාළනය, ඒ ¥ෂිත පාළනය, ඒ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි පාළනය  නැවත වතාවක් මේ රටේ ස්ථාපිත කරන තැනකට තමයි දැන් මේ සූදානම් වෙන්නෙ.  ඒ නිසා තමයි අපි මේ ප‍්‍රශ්නය ගැන කතා කරන්නෙ. ඒ ඒකාධිපත්වයට විරුද්ධව ධෛ්‍ය_ය සම්පන්නව නැ`ගී සිටිය මිනිස්සු විදිහට අපිට අයිතියක් තියනව ඒ ගැන කතාකරන්න. කවුරු ගොනු වුණත්, කවුරු සංවිධාන හැදුවත් අපි දන්නව නැවත ජනවාරි 8 වෙනිදා ඒ පරාජයට පත් කරපු දුෂ්ඨ එකාධිපතිත්වයට නැවත බලය ගැනීමට අපි ඉඩ දෙන්නෙ නෑ. රට පුරා සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන, ¥ෂණයට විරුද්ධ සියලූ පුරවැසියන් ඒ සඳහා පෙළ ගස්සන්න අපි ලෑස්තියි කියල කියනව.

 

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *