පාර්ලිමේන්තුව වහා ම කැඳවන්නැයි කතානායක ඉල්ලයි ; විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

වත්මන් තත්ත්වය පිලිබඳ සාකච්ඡා කොට තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව වහා ම කැඳවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කොට ඇති අතර හදිසි පක්ෂ නායක රැස්වීමක් හෙට දිනයේ කැඳවා තිබේ.

පාර්ලිමේන්තුව යලි රැස්වීම සඳහා දින නියම කොට ඇත්තේ ලබන 17 දාට ය. එසේ වුව ද, ඊයේ දිනයේ රටේ ඇති වූ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව වහා ම කැඳවන ලෙස කතානායක තුමා ඉල්ලා ඇත.

පාර්ලිමේන්තුව එලෙස කැඳවීමේ බලය ඇත්තේ ජනාධිපතිතුමාට බව කියති.

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක් හෙට සවස 3.00 ට පැවැත්වීමට ද කතානායක තුමා කටයුතු කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *