මහින්දගේ මව් , පියා දෙදෙනා ම බිම ; පළමුවත් බිම , දෙවනුවත් බිම, තෙවනුවත් බිම

මැදමුලන ඉදිකොට තිබු මහින්ද රාජපක්ෂගේ මවගේ සහ පියාගේ ස්මාරක බිම දමා විනාශ කොට එම ස්ථානයට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.

රුපියල් මිලියන 33 ක් රජයේ මුදල් යොදා ඉදිකරන ලද මෙම ස්මාරක පිළිබඳව චෝදනා එල්ල වී තිබු අතර ගොටාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු එම නඩු ඉවත් කරගනු ලැබී ය.

ගෝටාගොගමට ඊයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මෙම ස්මාරකය මෙන් ම මැදමුලන කාල්ටන් නිවෙස ද කඩා බිඳ ගිනිතබා ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *