අන්තර් පාලනයේ අගමැති ධුරයට සජබයෙන් කරු මැති සබයට ?

සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයක අගමැති තනතුරට හිටපු කතානායක දේශබන්දු කරු ජයසුරිය මහතාගේ නම යෝජනා වී ඇති බවත්, එය පිළිගතහොත් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මයන්ත දිශානායක මහතා ඉල්ලා අස් වී කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමටත් යෝජනා ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි.

අන්තර් වාර පාලනයක අගමැති තනතුරට සියලු දෙනාට එකඟ විය හැකි නායකයකු දැනට පාර්ලිමේන්තුවේ නැතිනම් ජාතික ලැයිස්තුව තුලින් කෙනෙකු පාර්ලිමේන්තුවට පත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනාවලියේ ද සඳහන් ය.

එම යෝජනාව සකස් වී ඇත්තේ කරු ජයසුරිය මහතා ඉලක්ක කරගෙන බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

අන්තර වාර පාලනයේ ඇමති තනතුරු සඳහා තවත් 15 දෙනෙකු ජාතික ලැයිස්තුව තුලින් ගෙන ඒමට ද යෝජනා වී තිබේ.

නීතිඥ සංගමයේ මෙම යෝජනාවලට සහය දෙන බව සමගි ජන බලවේගය ඊයේ ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *