මේ යන විදියට විශ්වාස භංගය ලොප් වෙයි ද ? – සී ජේ

පසුගිය ඉරිදාට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දින සැමරුම මෙවර වෙන්ව තිබුණේ දේශපාලන අර්බුදය පිලිබඳ කතා බහට ය. ලොකු කුඩා පක්ෂ බොහොමයක් වෙන දා මෙන් මැයි දිනය උත්සවාකාරයෙන් සමරුවේ ද නැත. ඒ දේශපාලන අර්බුදය තුළ සියල්ල අවුල් වියවුල්ව තිබු නිසා ය.

කෙසේ වෙතත්, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කොළඹ දීත් , විපක්ෂයේ අනෙක් ප්‍රධාන පක්ෂය වන ජාතික ජන බලවේගය අනුරාධපුරයේ දීත් තම ප්‍රධාන මැයි දින රැළි සංවිධානය කොට තිබිණි.

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය කරුණු ගණනාවක් නිසා අවධානයට ලක්ව තිබිණී . එයට එක් හේතුවක් නම් එය එම පක්ෂයේ විරෝධතා ක්‍රියාවලියක උච්චස්ථානය ලෙස සංවිධානය කොට තිබීම යි. එනම්, එම පක්ෂය පසුගිය 26 දා මහනුවරින් ආරම්භ කළ විරෝධතා පා ගමනේ අවසානය ලෙස කොළඹ නිදහස් චතුරශ්‍රයේ මැයි රැලිය සංවිධානය කොට තිබීමයි. කොළඹ කැම්බල් පිටියේ සිට පැමිණි පෙළපාලිය අවසානයේ නිදහස් චතුරශ්‍රයේ මැයි රැලිය පවත්වනු ලැබී ය.

සමගි ජන බලවේගයේ මැයි දින රැලිය කරුණු ගණනාවක් නිසා අවධානයට ලක්ව තිබිණී . එයට එක් හේතුවක් නම් එය එම පක්ෂයේ විරෝධතා ක්‍රියාවලියක උච්චස්ථානය ලෙස සංවිධානය කොට තිබීම යි. එනම්, එම පක්ෂය පසුගිය 26 දා මහනුවරින් ආරම්භ කළ විරෝධතා පා ගමනේ අවසානය ලෙස කොළඹ නිදහස් චතුරශ්‍රයේ මැයි රැලිය සංවිධානය කොට තිබීමයි. කොළඹ කැම්බල් පිටියේ සිට පැමිණි පෙළපාලිය අවසානයේ නිදහස් චතුරශ්‍රයේ මැයි රැලිය පවත්වනු ලැබී ය.

මෙම මැයි රැලියේ දී එහි ඇතැම් නායකයින් කළ කතා මගින් එහි අභ්‍යන්තර මතවාදී ගැටුම් පිළිබිඹු වීමත්, කථික ලැයිස්තුව සැකසීම පිලිබඳ ගැටුමක් ප්‍රසිද්ධියේ සිදුවීමත්, නිසා එය වඩාත් කතා බහට ලක්වීය.

මෙහි දී කතා කළ දොස්තර රාජිත සේනාරත්න මහතා කීවේ ඉදිරි දින කිහිපයේ දී පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සජිත් ප්‍රේමදාස මහතගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් පිහිටුවන බව යි. කෙසේ වෙතත්, පසුව කතා කළ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉන්නේ රාජපක්ෂ හොර කල්ලිය සමග  සිටි උදවිය බව සහ ඔවුන් සමග කිසිදු අන්තර් පාලනයකට තමන් නොයන බව යි.

එම රැස්වීමේ දී ම කතා කළ පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහතා කීවේ පක්ෂයේ ම ආණ්ඩුවක් අවශ්‍ය බව සහ ජනාධිපති ධුරයත්, අගමැති ධුරයත් දෙක ම පක්ෂයට අවශ්‍ය බවත් ය. ඒ මහතා එසේ කියන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් පක්ෂය විසින් මැති සබයට ඉදිරිපත් කොට තිබිය දී ය.

රැස්වීම ආරම්භ වී තිබිය දී, වේදිකාව ඉදිරියේ දී, සරත් ෆොන්සේකා මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර උණුසුම් බහින් බස් වීමක් සිදුවීම ද මාධ්‍යයේ අවධානයට සහ කතා බහට ලක් වීය. එයට ආසන්න හේතුව නම් රැස්වීමේ කථික ලයිස්තුවේ අනු පිළිවෙළ පිලිබඳ ප්‍රශ්නයකි. කෙසේ වෙතත්, එයින් ප්‍රකාශ වුයේ පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින ගැටුමක්ය යන්න දේශපාලන අංශවල විශ්වාසය වී තිබේ.

ජාතික ජන බලවේගයේ මැයි රැලියේ දී අවධානයට ලක්වූ කතාවක් වුයේ කේ ඩී ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශය යි . ඒ මහතා කීවේ අර්බුදයට එක ම විසඳුම පාර්ලිමේන්තුවේ 225 දෙනා ම තම පක්ෂයෙන් පත් කර යැවීම බව යි.

මේ අතර,පොළොන්නරුවේ රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සංවිධානය කොට තිබු කුඩා මැයි සමරු රැස්වීමක් දැඩි අවධානයට ලක් වුයේ එහි දී එල්ල වූ බරපතළ චෝදනාවක් හේතුවෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා විසින් දිඹුලාගල ඉසුරු හෝටලයට කැඳවා තිබු මෙම හමුවට දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ සංවිධායකයෝ පිරිසක් එක්ව සිටියහ.

එහි දී රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා කීවේ තමන්ගේ මහවැලි ඇමතිකම ඉවත් කළේ කෝටි පනහක් ගෙවා බව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයෙක් ප්‍රකාශ කරන බව යි. තම ඇමතිකම වෙනස් කරන්න කෝටි පනහක් ගත්තේ කවුදැයි රහස් පොලීසිය ලවා පරීක්ෂණයක් කළ යුතු බව එහි දී ඒ මහතා ප්‍රකාශ කළේය.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා කීවේ තමන්ගේ මහවැලි ඇමතිකම ඉවත් කළේ කෝටි පනහක් ගෙවා බව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරිකයෙක් ප්‍රකාශ කරන බව යි. තම ඇමතිකම වෙනස් කරන්න කෝටි පනහක් ගත්තේ කවුදැයි රහස් පොලීසිය ලවා පරීක්ෂණයක් කළ යුතු බව එහි දී ඒ මහතා ප්‍රකාශ කළේය.

මහ  නා හිමිවරුන්ගේ අනුශාසනා නොපිළිගන්නා දේශපාලඥයින් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් මල්වතු මහ නා හිමි අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියෝ සඳුදා ප්‍රකාශයට පත් කළෝය. එනම් කිසිදු දේශපාලඥයකුට තමන් වහන්සේ බැහැ දකින්නට ඉඩ නොදීම යි. රටේ වර්තමාන අර්බුදයට විසඳුම් දීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහුටුවා ක්‍රියාත්මක වීම ඇතුළු මහ නා හිමිවරුන් දුන් යෝජනා දේශපාලඥයින් විසින් නොතකා හැරීමට ප්‍රතිචාර ලෙස උන් වහන්සේ මෙම දැඩි තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

මල්වතු මහ නා හිමියන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ පසුගිය සඳුදා වුව ද, උන් වහන්සේ පසුගිය සතියේ ද තමන් වහන්සේ බැහැ දැකීමට අවස්ථාව ඉල්ලු දේශපාලඥයන් ප්‍රතික්ෂේප කළහ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තම පක්ෂය ඉදිරිපත් කොට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිගන්වන්නට අවස්ථාවක් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දා කළ ඉල්ලීම මල්වතු මහ නා හිමියන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. එමෙන් ම, ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් පසුගිය 29 දා උන් වහන්සේ බැහැ  දකින්නට අවස්ථාව ඉල්ලුව ද, එම අවස්ථාව ද ලබා දී නැත.

සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයක් පිහිටුවීම සම්බන්ධයෙන් පසුගිය 29 දා සිකුරාදා ජනාධිපතිතුමා සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින බව ප්‍රකාශ කළ මන්ත්‍රී කණඩායම අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල ලෙස ස්වාධින කණ්ඩායම නම් කළ නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිත කණ්ඩායම අතර  සාකච්ඡාවක් පසුගිය 2 දා, සඳුදා උදේ පවත්වන ලද්දේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ දී ය. ස්වාධින කණ්ඩායමෙන් නම් කළ නියෝජිතයින් ලෙස නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් සහ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරුන් එයට සභාගී වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මහාචාර්ය ජී එල් පීරිස් , බැසිල් රාජපක්ෂ,රමේෂ් පතිරණ, සාගර කාරියවසම් සහ  සංජීව එදිරිමාන්න සහ මහත්වරු  සහභාගී වුහ.

මෙහි දී කතා කළ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කීවේ සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයකට පොදුජන පෙරමුණ ද එකඟ වන බව යි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වනු ඇතැයි කී බැසිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් කීවේ අන්තර් වාර පාලනයක අගමැති තනතුරට මහින්ද රාජපක්ෂ මහතා හැර වෙනත් කෙනෙකු තම පක්ෂයෙන් යෝජනා නොකරන බව යි.

මෙහි දී කතා කළ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කීවේ සර්ව පාක්ෂික අන්තර් වාර පාලනයකට පොදුජන පෙරමුණ ද එකඟ වන බව යි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වනු ඇතැයි කී බැසිල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් කීවේ අන්තර් වාර පාලනයක අගමැති තනතුරට මහින්ද රාජපක්ෂ මහතා හැර වෙනත් කෙනෙකු තම පක්ෂයෙන් යෝජනා නොකරන බව යි.

අන්තර් වාර පාලනයකට අනෙක් පක්ෂවල සහය ලබාගැනීමට එක්ව කටයුතු කිරීමට එහි දී තීරණය වී ය.

ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිත පිරිස සමගි ජන බලවේගයේ නියෝජිත පිරිස හමුවීම 3 දා, අඟහරුවාදා සිදුවීය. එයට ස්වාධින කණ්ඩායම වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, දයාසිරි ජයසේකර සහ නිමල් ලන්සා මන්ත්‍රීවරුන් සහභාගී වී සිටි අතර සමගි ජන බලවේගය වෙනුවෙන් සහභාගී වුයේ රන්ජිත් මද්දුම බණ්ඩාර , රාජිත සේනාරත්න, ආචාර්ය හර්ෂ ද සිල්වා, ගයන්ත කරුණාතිලක සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන් ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වනු ඇති බව ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයෝ එහි දී ප්‍රකාශ කළහ. කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ අදහස වුයේ අගමැති පමණක් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නැති බවයි. ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ද ඉල්ලා අස් විය යුතුය යන්න සමගි ජන බලවේගයේ නියෝජිතයින්ගේ මතය වීය.

මේ අතර සමගි ජන බලවේගය තම විශ්වාස භංග යෝජනා කතානායකවරයාට භාරදීමට කටයුතු කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන් කතානායක නිල නිවසට ගොස් විශ්වාස භංග යෝජනා දෙකක් භාර දුන්හ. එක් යෝජනාවක් අගමැති සහ ආණ්ඩුවට එරෙහිව ලෙසත්, අනෙක් යෝජනාව ජනාධිපතිට එරෙහිව ලෙසත්, විශ්වාස භංග යෝජනා දෙකක් එලෙස භාරදෙනු ලැබීය.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ හදිසි කටයුත්තක් ලෙස සලකා ස්ථාවර නියෝග අත්හිටුවා 5දා, බ්‍රහස්පතින්දා  විශ්වාස භංග යෝජනා විවාදයට ගන්නා ලෙස ඉල්ලා සිටීමට තම පක්ෂය  බලාපොරොත්තු වන බවයි. එමෙන් ම, සැබෑ ආණ්ඩු විරෝධීන් කවුදැයි දැන ගැනීමට ජනතාවට මෙමගින් අවස්ථාවක් ලැබෙන බව ද, ඒ මහතා කී ය.

කෙසේ වෙතත්, ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 කණ්ඩායමේ ප්‍රකාශකයින් කීවේ සමගි ජන බලවේගයේ විශ්වාස භංග යෝජනාවලට තමන් සහය නොදෙන බව යි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් පක්ෂ නමුත් ජනාධිපතිට එරෙහි විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම තේරුමක් නැති ක්‍රියාවක් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ඉවත්කොට අන්තර් වාර පාලනයක් පිහිටුවීමට එකඟ වීම විශ්වාස භංග යෝජනාවට සහය ලබා දීමේ පුර්ව කොන්දේසියක් වන බව යි. ආණ්ඩුවක් පිහිටුවීමට එකඟත්වයක් නොමැතිව විශ්වාස භංග සම්මත කිරීම තේරුමක් නැති බව ඒ මහතාගේ අදහස වී තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා 4 දා, බදාදා තනතුරින් ඉල්ලා අස්වන බව කලින් ප්‍රකාශ වී තිබුණ ද එදින දිනපතා පුවත්පතක් අගමැතිතුමාගේ මාධ්‍ය ලේකම් සහ සම්බන්ධිකරණ ලේකම් උපුටා දක්වමින් වාර්තා කොට තිබුණේ අගමැතිතුමාගේ ඉල්ලා අස්වීමක් එදින සිදු නොවන බව යි. අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට, සම්බන්ධිකරණ ලේකම් ජී කාසිලිංගම්  යන දෙදෙනා ප්‍රකාශ කොට තිබුණේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන නමුත් ඉල්ලා අස්වීමක් සිදු නොවනු ඇති බව යි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා 4 දා, බදාදා තනතුරින් ඉල්ලා අස්වන බව කලින් ප්‍රකාශ වී තිබුණ ද එදින දිනපතා පුවත්පතක් අගමැතිතුමාගේ මාධ්‍ය ලේකම් සහ සම්බන්ධිකරණ ලේකම් උපුටා දක්වමින් වාර්තා කොට තිබුණේ අගමැතිතුමාගේ ඉල්ලා අස්වීමක් එදින සිදු නොවන බව යි. අගමැති මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට, සම්බන්ධිකරණ ලේකම් ජී කාසිලිංගම්  යන දෙදෙනා ප්‍රකාශ කොට තිබුණේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන නමුත් ඉල්ලා අස්වීමක් සිදු නොවනු ඇති බව යි.

අගමැතිතුමා ඉල්ලා අස්වනු ඇතැයි යන ප්‍රවෘත්තියේ මුලාශ්‍රය වුයේ රාජපක්ෂ පවුලේ දේශපාලනය මෙහෙයවන  ප්‍රබලයකු මෙන් ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ද වන, හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා පසුගිය සඳුදා කළ ප්‍රකාශයකි. ආණ්ඩුවෙන් ස්වාධින වූ මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡාවේ දී බැසිල් රාජපක්ෂ මහතා කීවේ මහ නා හිමිවරුන්ගේ ඉල්ලීමට අවනතව අගමැති මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්වනු ඇති බව යි.

මේ අතර ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ද තමන්ගේ තීන්දුවක් ප්‍රකාශ කළේය. එනම් , පවතින දේශපාලන අර්බුදය සහ ආර්ථික අර්බුදය විසඳීමට පාර්ලිමේන්තුව වහා ම පියවර නොගන්නේ නම් විද්‍යුත් මාධ්‍ය වැඩ සටහන්වලට කිසිදු දේශපාලඥයකු සම්බන්ධ කර නොගන්නා බවයි. එනම් දේශපාලඥයන්ට විද්‍යුත් මාධ්‍ය තහංචියක් ක්‍රියාත්මක කරන බවයි.

පාර්ලිමේන්තුවේ බලය උරගා බලන අවස්ථාවක් විය හැකි ලෙස සලකනු ලැබූ නියෝජ්‍ය කතානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම බදාදා සිදුවනු ඇතැයි කලින් වාර්තා වී තිබුන ද එය එදින සිදු නොවී ය. හිටපු නියෝජ්‍ය කතානායක රන්ජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීම නිසා මෙම පුරප්පාඩුව ඇති වී තිබිණී. කතානායක මහින්ද යප අබේවර්ධන මහතා බදාදා උදේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ රන්ජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිතුමා පිළිගෙන ඇති බව යි. නව නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමේ ඡන්ද විමසීම 5දා, බ්‍රහස්පතින්දා සිදු කරන බව ද කතානායකතුමා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

 

සී ජේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *