සජබ – ස්වාධින කණ්ඩායම් ගැටුම අවසන් ; පාර්ලිමේන්තුවේ 120 ක් එක පිළට

 

යෝජිත අන්තර්වාර පාලනයට සහය දීමට සමගි ජන බලවේගය තීරණය කිරීමත් සමග එම පක්ෂය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධින වූ කණ්ඩායම අතර ගැටුම් සමනය වී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 120 ක් ඉක්ම වූ බලයක් එම පිලට ලැබෙන ලකුණු පහළ වී ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ  කියති.

ඒ සමගම සමගි ජන බලවේගයේ විශ්වාස භංග යෝජනාවට සහය දීමට ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායමත් ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායමත් එකඟ වී තිබේ.

එම තත්ත්වය තුළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් නොවුවහොත් ඉවත් කිරීමේ හැකියාව ද මෙම සන්ධානයට හිමිව තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතරය ජනාධිපතිට පෙන්වා අගමැති තනතුර ලබා ගැනීමේ හැකියාව ද දැන් විවෘත වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *