ග්ලයිෆොසේට් තහනම හා නොපැහැදිළි අවිනිශ්චිත බව !

ග්ලයිෆොසේට් අඩංගු වල්නාශකය අනිකුත් ඕනෑම වල්නාශකයකට වඩා ප්‍රභල වල්පැලෑටි නාශක රසායනයකි. කෘෂි ද්‍රව්‍ය නිපදවීමේ යෝධයෙකු වූ මොන්සැන්ටෝ සමාගම 1970 දී අර කී ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනයක් වන වන රවුන්ඞ්අප් ගොවීන්ට අලෙවි කළේ ය. එතැන් සිට වල්පැලෑටි වලින් තොර මාවතක් තබාගැනීම මෙන්ම වල්පැළෑටි විනාශ කිරීම සඳහා වතුහිමියන් සහ ගොවීන්, ග්ලිෆොසේට් පදනම් වූ මිශ්‍රනයන් ලබාගැනීම සිය ගුණයකින් පමණ වැඩි විය. වෙන කවරදාටත් වඩා ගොවීන්, බ්‍රසීලයේ සිට රුසියාව දක්වා ග්ලයිෆොසේට් පාවිච්චි කරන අතර මොන්සැන්ටෝ සමාගමේ අවසන් පේටන්ට් බලපත්‍රය 2000 දී කල් ඉකුත් විය. නමුත් ග්ලයිෆොසේට් විශාල ප්‍රමාණයෙන් පාවිච්චිකරන බැවින් අවධානය වැඩි වී එය හානි ගෙනදිමට හේතුවිය හැකි බව ඇතැමෙක් පෙන්වා දුන් හ. ඊ ළග වසර 15 සඳහා ග්ලයිෆොසේට් නැවත අනුමතකරනවා ද යන්න පිළිබඳ යුරෝපීය හවුලේ කමිටු ඡන්ද වීමසීම පසුගිය මාර්තු මාසයේ 7 වෙනිදාට යෙදී තිබුණි. සාමාජික රටලට මතභේද හේතු කොටගෙන ඡන්ද විමසීම කල් ගිය නමුත් යුරෝපා පාර්ලිමේන්තුව ඊ ළඟ වසර 7ක් දක්වා ග්ලයිෆොසේට්වලට අවසරදීමට යෝජනාකර ඇත. තව ද වෘත්තිකයින්ට හැර වෙනත් අයට මෙන්ම ක්‍රිඩා පිටි හා සහ ජනතාව ගැවසේන උයන් ආදියට එය පාවිච්චි නොකරන ලෙස ද ඔවුන් දැණුම් දී තිබේ. යුරෝපීය පාර්ලිමේන්තුවේ ඇති ඡන්ද 374න් මේ යෝජනාවට ඡන්ද 225ක් ලැබී ඇති අතර ඡන්ද 102ක් පාවිච්චිකර නැත. කෙසේ නමුත් ග්ලයිෆොසේට් යුරෝපයේ අලෙවිය සඳහා වන අවසරදීම සම්බන්ධයේන් එකී රටවල් අතර දැඩි මතභේදයක් හටගෙන තිබේ.
එය ප්‍රථම වතාවට පාවිච්චියට ගත් දා සිට ග්යිෆොසේට් පිළිබඳ ගොවි අගැයිම වෙනස් විමට හේතු තිබේ. ක්ෂණික වල් පැලෑටී නාශකයක් වූ, ග්ලයිෆොසේට් වලට මුහුණදිය හැකි ජාන තාක්ෂණික බීජ මෙන්සැන්ටො සමාගම 1996දී වැඩිදියුණු කළේ ය. 2014 දී රවුන්ඞ් අප් සහ නවීකරණයට භාජනය කළ බීජ ඇමෙරිකාව තුළ විකිණිමෙන් මොන්සැන්ටෝ සමාගම ඩොලර් බිලියන 5ක් උපයා තිබේ. පසුගිය දස වසර තුළ ඇමෙරිකාවේ එතෙක් ඉස ඇති ග්ලයිෆොසේට් ප්‍රමාණය සමස්ත ප්‍රමාණයෙන් 2/3 කි.
ග්ලයිෆොසේට් වල ප්‍රතිලාභය පදනම් වෙන්නේ එය ඉසින භවබෝග මත ය. නමුත් කෘමිනාශක ද්‍රව්‍ය පාවිච්චිය පිලිබඳ පසුගිය වාර්තා ඇති යුරෝපය පුරා විසිරී ගිය සංවිධානයක් නැති වීම සංසන්දනාත්මක අධ්‍යනයක් කිරීම අපහසුකර තිබේ. ග්ලිෆොසේට් යොදාගැනීමෙන් භවභෝගවල අස්වැන්න 30% සිට 60% විශාල ප්‍රමාණයකින් වැඩිවන බව මොන්සැන්ටෝ සමාගම කියයි. ජර්මානු පර්යේෂණ සංවිධානයක් වන කෘෂි වෙළඳ ආයතනයේ ප්‍රධානි මයිකල් ස්චෙමිස්ට් 2011 කළ ඇස්තමේන්තුවකට අනුව ග්ලිෆොසේට් තහනමකින් පවුම් බිලියන 3.1ක පාඩුවක් යුරෝපයට ගෙනදීමට හේතු විය හැක.
කෙසේ නමුත් සමහර විද්‍යාඥයින් පවසන්නේ ග්ලයිෆොසසේට් ඉසින ලද භවභෝග හානිකර වියහැකි බව ය. එක් අධ්‍යනයකින් කියන ආකාරයට එය ජලයේ හා පසේ දිගුකාලයක් රැඳි පවති. තව සමහරුන්ට අනුව ද්‍රව්‍ය අඩු ප්‍රමාණයක් යෙදීම ආරක්ෂා සහිත ය. මෑත දශකය තුළ ග්යිෆොසේට්වලට පැලෑටි ප්‍රතිරෝධය දැක්වීම වැඩි වී ඇති බැවින් අස්වැන්න නෙලීම හා අස්වැද්දී මේ ක්‍රමය වෙනස් වී ඇති හෙයින් හොඳ අස්වැන්නක් ලබාගැනීම සහතික කිරීමට වෙනත් පළිබෝධ නාශක ගැලුම් ගණන් අවශ්‍ය වන්නට පුළුවන.
ග්ලිෆොසේට් හා මානව සෞඛ්‍ය වටා උණුසුම් විවාදයක් දැන් පවති. පසුගිය ජූලි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිකා ගැන පර්යේෂණ කරන ජාත්‍යාන්තර ඒජන්සිය පැවසුවේ ග්ලයිෆොසේට්වල පිලිකා කාරක තිබිය හැකි බව ය. නමුත් මාස 6කට පසුව යුරෝපීය හවුල තුළ රසායන ද්‍රව්‍ය ක්‍රියා නිරික්ෂණය කළ යුරෝපීය ආහාර ආරක්ෂක අධිකාරිය ග්ලයිෆොසේට් පිළිකාවලට හේතු නොවන බව ප්‍රකාශ කළේ ය.
ජනවාරිය හා පෙබරවාරිය පුරාම මේ ආයතන දෙක දරුණු ලෙස පෙර නොවූවිරූ ආකාරයට මේ පිලිබඳව ලිපි හුවමාරු කරගත් හ. අවසානයේ යුරෝපී ය ආරක්ෂක අධිකාරියේ මේ ක්‍රියාව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිකා ගැන පර්යේෂණ ජාත්‍යාන්තර ඒජන්සිය විසින් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කළේ ය. ආහාර, පරිසරය හා වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා වූ ප්‍රංශ ඒජන්සිය ද මෙයට මහත් උනන්දුවෙන් මැදිහත් විය. පිළිකාරක තිබෙන බවට සැකකළ හැකි ද්‍රව්‍යක් ලෙස විවාදයට තුඩු දී ඇති ග්ලයිෆොසේට් සැළකියහැකි බව ඔවු හූ ද නිගමනය කළ හ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිකා ගැන පර්යේෂණ කරන ජාත්‍යාන්තර ඒජන්සිය මෙන් නොව යුරෝපයේ පළිබෝධ නාශක අනුමත කිරීමේ ක්‍රියාදාමයේ ක්‍රියාකාරි චරිතයක් යුරෝපීය ආහාර ආරක්ෂක අධිකාරිය නිරූපනය කරයි. පෙබරවාරී 22 අවසන් වූ දීර්ග පරික්ෂණයකින් අනතුරුව ග්ලයිෆොසේට් දෝෂ සහිත බව යුරෝපීය ඔම්බූස්මන්වරිය වන එමිලියේ රීලී ප්‍රකාශ කළා ය. ඒවා සම්පූර්ණයෙන්ම ආරක්ෂා සහිත බව කීමට ප්‍රමාණවත් තොරතුරු තිබීමට ප්‍රථම යුරෝපිය කොමිසම එය අනුමත කිරීම ඇයගේ විවේචනයට භාජනය වූවා ය. එය හානිකර නොවන බවට පෙන්වීමේ බොහෝ දත්තයන් ඉදිරිපත් කර එය සහතික කරගැනීමට 2018 වන තුරු බලධාරින්ට දැකන් කල් ලැබී ඇත.
මේ සඳහා බොහෝ පරියේෂණ අවශ්‍ය බව මේ ගැටුම් මගින් යෝජනා කෙරේ. එක ප්‍රතිකර්මයක් වන්නේ වෙනත් ද්‍රව්‍ය වලට වඩා මිනිසාට බොහෝ විෂ සහිත වල් පැලෑටි නාෂකයක් වන ග්ලයිෆොසේට් නිශ්චිත මාත්‍රාවන් යොදා ගැනීම ය. නමුත් කොක් ටේල් එකක් නොවන එය නියාමනය කරන්නන්ගේ පර්යේෂණයක් පමණි. මේ මගින් සම්ප්‍රදායික විෂ විද්‍යා පරික්ෂණ, ලේවලට සම්බන්ධව ඇති කරන බලපෑම මගහැරී යන්නට පුළුවන.
අනිත් අතට ග්ලයිෆොසෙට් වලට කුමක් කරන්නේ ද යන්න පිළිබඳව තවත් පිරිසක් අරගල කරති. කැනඩා වැසියන්ට එය සමඟ ඇත්තේ සුළු ගැටළුවකි. පසුගිය වසරේ ඒ ගැන අනතුරු තක්සේරුක් සැලසුම් කිරිමට ඇමෙරිකාවේ පරිසරය ආරක්ෂා කිරීමේ ඒජන්සිය අසමත් විය. කැලිෆෝනියාවේ ආන්තික සුපරික්ෂාකාරී පාරිසරික ඒජන්සිය පලිබෝධකාරක ලැයිස්තුවකට වල්නාෂක පසුගිය සැප්තැම්බරයේ දි ඇතුලත් කළේ ය. මේ අතර මොන්සැන්ටෝ සමාගම අධිකරණය ඉදිරියේ අභියෝග කිරීමට සූදානම් වෙමින් ඇත. එය ලෝක ආහාර සැපයීම තුළ රඟදක්වන භූමිකාව මත වූ නිවැරදි දත්ත පදනම් කරගෙන පරිස්සම් සහගතව ග්යිෆොසෙට් වල බලපෑම සැලකිල්ලට ගතයුතු බව ප්‍රභල අධ්‍යයනයන් මගින් පෙන්වා දී තිබේ.
මිගාර රත්නායක (2016 මාර්තු 05 වෙනිදා පල වූ ඉකොනොමිස්ට් සඟරාව ඇසුරින්)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *