මහ බැංකුවේ මහ පුටුවට එන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

Indrjith Kumaraswamiපසුගිය කාලය පුරාම රටේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වූ ‘අර්ජූන් මහේන්ද්‍ර යළි මහ බැංකු අධිපතිවෙයිද? නැතිනම් මහ බැංකු අධිපති වන්නේ කවුද?’ යන ප‍්‍රශ්නය විසඳමින්, ජනාධිපතිවරයා විසින් මීළ`ග මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කරන ලදී. එම පත්වීම ලබන සඳුදා ජනාධිපතිවරයා විසින් ලබාදීමට නියමිතය.
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 1950 වසරේදී ශ‍්‍රී ලංකාවේ උපත ලද අයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා ලන්ඩන්හි හැරෝ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ කුමාරස්වාමි මහතා ආචාර්ය උපාධි ධරයෙකි.
ආචාර්ය ඉන්ද්‍රජිති කුමාරස්වාමි මහතා 1973 සිට 1989 දක්වා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ දත්ත හා ආර්ථික පර්යේෂණ අංශයේද, මහ බැංකු පර්යේෂණ අංශයේ ද මාණ්ඩලික නිලධාරියෙකු ලෙස සේවය කර ඇත. එතුමා 1981 සිට 1989 දක්වා මුදල් හා සැලසුම් අමාත්‍යාංශයේ උපදේශකකවරයෙකු ලෙසද සේවය කර ඇත. ඔහු අවසන් වරට ලන්ඩනයේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩල ලෙකම් කාර්යාලයේ ආර්ථිකකටයුතු අංශයේ අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කර ඇත.
ප‍්‍රධාන පෙළේ විද්වතෙකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වත්මන් ස්වාධීන ව්‍යවස්ථා කොමිෂන් සභාවේ සිවිල් සමාජය නියෝජනය කරන රාධිකා කුමාරස්වාමි මහත්මියගේ සොහොයුරෙකි.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *